News Line| Off Air
Generic placeholder image

May
17

ICC ය ක්‍රිකට් වෙනස් කරයි. කාසියේ වාසිය කුණු කූඩයට. 2019 සිට මුලින් Bat කරන කණ්ඩායම තීරණය කරන්නේ මෙහෙමයි. – Exclusive

16179 Views


ICC ය ක්‍රිකට් වෙනස් කරයි. කාසියේ වාසිය කුණු කූඩයට. 2019 සිට මුලින් Bat කරන කණ්ඩායම තීරණය කරන්නේ මෙහෙමයි. – Exclusive

ක්‍රිකට් තරඟයක ජයග්‍රහණයට බලපාන එක සාධකයක් තමයි කාසියේ වාසිය. පිටියේ දෝලනය සහ කාලගුණය අනුව මුලින්ම පන්දුවට පහර දෙනවාද නැද්ද කියලා තීරණය කරන්න කාසියේ ගොඩක් වැදගත්. 1877 මාර්තු මාසයේ තිබ්බ පළවෙනි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයේ ඉඳලාම කාසියේ වාසිය උරගා බැලීම සිද්ධ වෙනවා.

හැබැයි ICC ය ආන්දෝලනාත්මක තීරණයක් ගන්න යනවා. ඒ ටෙස්ට් තරඟවල කාසියේ වාසිය උරගා බලන එක නවත්වන්න. ඒ වෙනුවට සංචාරක කණ්ඩායමේ නායකයට අවස්ථාව දෙනවා මුලින්ම පන්දුවට පහර දෙනවද නැද්ද කියලා තීරණය කරන්න. 2019 ඉදන් තමයි ICC මේ අලුත් නිතිය හදුන්වා දෙන්න යන්නේ. ඕස්ට්‍රේලියාවේ හිටපු පුහුණුකරු ඩැරන් ලීමන් තමයි මේ නිතිය ගෙන්න මුලික වෙලා තියෙන්නේ.

මේ වෙද්දී සත්කාරක රටට වාසි වෙන විදියට තණතිල්ල සකස් කරන්න ගොඩක් රටවල් පෙළඹිලා තියෙනවා. ඒ නිසා තමයි මේ අලුත් නිතිය ගේන්න හදන්නේ. සංචාරක කණ්ඩායමට මුලින්ම පන්දුවට පහර දෙනවද නැද්ද කියලා තෝරන්න දුන්නම සමබර තණතිල්ලක් සකස් කරයි කියලයි ICC ය කියන්නේ.

කොහොම වුනත් මේ ගැන තාමත් හරි තීරණයක් ICC ය අරගෙන නෑ. මැයි මාසයේ මුම්බායි වල තියෙන ICC රැස්වීමේදී අවසන් තීරණය ගන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post