News Line| Off Air
Generic placeholder image

May
18

රෝසිගේ වැසිකිලිය හදන්න ලක්ෂ 57 ක්.

819 Views


රෝසිගේ වැසිකිලිය හදන්න ලක්ෂ 57 ක්.

කොළඹ නගර සභාවට පත්වුන පළවෙනි පුරපතිනිය තමයි රෝසි සේනානායක මහත්මිය. හැබැයි එතුමිය පත් වෙලා ටික කලකින්ම ලොකු චෝදනාවක් එල්ල වෙලා තියෙනවා.

රෝසි සේනානායක මහත්මියගේ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය නවීකරණය සඳහා රුපියල් ලක්ෂ 57ක් වෙන් කර ගෙන කියලා. නාගරික මන්ත්‍රී සුමිත් පස්සපෙරුම මහතා තමයි මේ චෝදනාව කරන්නේ.

රෝසි සේනානායක මහත්මිය නම් කිව්වේ වසර 4ක කාලයක් එම නිල නිවස ප්‍රයෝජනයට අරන් නැති නිසා වැසිකිළි පද්ධතිය අබලන් වෙලා කියලා. ඒ නිසා අලුත්වැඩියා කරන්න පියවර ගත්තා කියලා. නගරයේ පොදු වැසිකිළි අලුත්වැඩියාවට හා අලුතින් ඉදි කිරීමට දැනටමත් කටයුතු යොදා තියෙනවා කියලත් නගරාධිපතිනිය කිව්වා.

මේ අතර කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය හමු වෙන්න යන නාගරික මන්ත්‍රීවරුන් එළවා ගන්නවා කියලා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සමන් අබේගුණරත්න මහතා චෝදනා කරනවා. මහජනතාව මුහුණ දෙන ගැටලුවක් සම්බන්ධව නගරාධිපතිනිය සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් නෑ කියලයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කරේ.


News Articles
Latest Videos
Most Popular Post