News Line| Off Air
Generic placeholder image

May
18

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පඩි වැඩි වෙයි. එක ටෙස්ට් තරඟයකට ලක්ෂ 11 ක්.

867 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පඩි වැඩි වෙයි. එක ටෙස්ට් තරඟයකට ලක්ෂ 11 ක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට මේ දවස්වල හොඳ කල දසාවක් ලබලා තියෙනවා. ඒ ක්‍රිකට් ආයතනය ඔවුන්ගේ පඩි වැඩි කිරීම නිසා. ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අලුත් කොන්ත්‍රාත්තුවක් ලබා දීලා තියෙනවා. ටෙස්ට් ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට නම් වැඩි වාසියක් ලැබිලා තියෙනවා.

ටෙස්ට්, එක්දින වගේම T20 තරඟ ගාස්තුත් වැඩි කරලා තියෙනවා. සමහර ගාස්තු වැඩි කරද්දී මිට කලින් තිබ්බ ක්‍රමයට වැඩ වෙනස් ක්‍රමයක් තමයි භාවිතා කරලා තියෙන්නේ.

මිට අවුරුද්දකට කලින් ටෙස්ට් තරඟයක් සඳහා ක්‍රීඩකයෙක්ට ඇමෙරිකාන් ඩොලර් 7500 ක් ලබා දුන්නා. හැබැයි ගිය අවුරුද්දේ ඒ ගාස්තුව ඇමෙරිකන් ඩොලර් 5000 දක්වා අඩු කරා. හැබැයි මේ අවුරුද්දේ යයේත් ඒ මුදල ඩොලර් 7000 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 11 කට වැඩි මුදලක්.

ඒ වගේම ක්‍රීඩකයින් ලබා ගන්නා ශතක, අර්ධ ශතක සහ කඩුලු අනුවත් දීමනා ගෙවීමේ ක්‍රමයක් හදුන්වලා දීලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post