News Line| Off Air
Generic placeholder image

May
18

රජයේ ආයතනවල හොර අල්ලන්න වැඩේ ආයෙත් හඳුන්නෙත්තිට බාර දෙයි.

792 Views


රජයේ ආයතනවල හොර අල්ලන්න වැඩේ ආයෙත් හඳුන්නෙත්තිට බාර දෙයි.

රජයේ ආයතනවල හොර අල්ලන්න තමයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව තියෙන්නේ. කෝප් කමිටුව කිව්වොත් තමයි හැමෝම ඒක අදුරන්නේ. පහුගිය කාලයේ කෝප් කමිටුවෙන් රජයේ ආයතනවල දූෂණ වංචා රැසක්ම හෙළිකරා.

මහා බැංකු වංචාව ගැන ආන්දෝලනාත්මක වාර්තාව ඉදිරිපත් කරෙත් කෝප් කමිටුව. ගිය අවුරුද්දේ කෝප් කමිටුවේ සභාපති විදියට කටයුතු කරේ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා. මේ අවුරුද්දෙත් ඔහුවම කෝප් කමිටුවේ සභාපති කරන්න පක්ෂ නායකයන් තීරණය කරලා තියෙනවා.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී පක්ෂ නායකයන් රස වුන වෙලාවේ තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒ වගේම රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති ලෙස නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත් කරන්න තීරණය කරලා තියෙනවා. මුදල් කාරක සභාවේ සභාපති ලෙස එම්.ඒ. සුමන්තරන් මහතා යළි පත් කරන්න පක්ෂ නායකයන් එකඟ වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post