ඉන්දීය සිනමාවේ ත්‍රාසජනක චිත්‍රපට අතර ලෝකෙම ආකර්ෂණය දිනාගත්ත චිත්‍රපට මාලාවක් තමයි RACE චිත්‍රපට මාලාව කියන්නේ. Race , Race 2 චිත්‍රපට අතරට අලුත්ම චිත්‍රපටය තමයි Race 3 කියන්නේ. ඉතීන් පහුගිය දවසක මේ Race 3 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ උත්සවයක් පැවැත්වුණා.
මේ චිත්‍රපටය ජුනි මස 15 වනදා ඉඳන් තිරගත වෙන්න නියමිතයි. Race 1 සහ Race 2 චිත්‍රපටයේ චරිතයට රංගනයෙන් දායක වුණේ සුපිරි බොලිවුඩ් නළු සායිෆ් අලි ඛාන්. ඒ වුනත් Race 3 චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට එක්වෙන්නේ සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්. ඒවගේම ජැක්ලින් ෆෙනෑන්ඩස්, අනිල් කපූර්, බොබී ඩියෝල්, ඩේසි ෂා සහ සකිම් සලීම් මෙහි රංගනයට දායක වෙනවා.
මේ චිත්‍රපටයේ තියෙන තවත් විශේෂත්වයක් තමයි, මුළු චිත්‍රපටයටම තියෙන්නේ එකම එක සින්දුවයි. මේකට හේතුව වෙන්නේ Race 3 කියන්නේ මුළුමනින්ම ත්‍රාසජනක චිත්‍රපටයක් කියලයි මේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමේ උත්සවයෙදී කිව්වේ.
Race 3 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ එකම එක ගීතය පහළින් බලන්න.
https://youtu.be/j-I0Uxbh1uY