News Line| Off Air
Generic placeholder image

May
19

සමාජ මාධ්‍ය වල පළවන රෝසිගේ සුපිරි වැසිකිලියේ කතාව ගැන රෝසි කට අරියි.

872 Views


සමාජ මාධ්‍ය වල පළවන රෝසිගේ සුපිරි වැසිකිලියේ කතාව ගැන රෝසි කට අරියි.

පහුගිය දවස්වල සමාජාජාල මාධ්‍ය වල පැතිරගියපු කතා අතරින් එක කතාවක් තමයි කොළඹ නව නගරාධිපතිණිය සම්බන්ධයෙන් ගිය කතාව. එකේදී කියවුණේ කොළඹ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන්න රුපියල් මිලියන 5.7ක් ලබාදීමට සභාවේ අනුමැතිය හිමි වුණා කියලයි.

කොළඹ නගරයපුරා නිසි පොදු වැසිකිළි පද්ධතියක් නැති වෙලාවක, මේ එක වැසිකිළියකට මෙච්චර මුදලක් වැය කිරීම සුදුසු වැඩක් නෙවෙයි කියලයි සමහරු පෙන්වල දුන්නේ. හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ පාලන සමයේදී නවීකරණය කරපු නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතියත් අවස්ථා කිහිපයකදී පමණක් භාවිත කර තිබුණු බවටත් තොරතුරු වාර්තා වුණා.

එත් මේ ගැන රෝසි සේනානායක මහත්මිය කියන්නේ, නගරාධිපති නිල නිවසේ අලුත්වැඩියාවට යන මුළු වියදම එකතු කර සමාජ ජාලා තුළ අසත්‍ය පතුරවනව කියලයි.

මේ තියෙන්නේ ඇය ඒ සම්බන්ධයෙන් කියපු කතාව.

“නගරාධිපතිගේ නිල නිවස කියන්නේ ඓතිහාසික වටිනාකමක් තියෙන පෞරාණික ගොඩනැගිල්ලක්. මම ඒකේ ජීවත් වෙන්නේ නෑ. මට ලස්සන ගෙයක් තියෙනවා..මම ඒකේ ජීවත්වෙන්නේ. මේ ගොඩනැගිල්ල විතරක් නෙමෙයි කොළඹ නගරයේ ඓතිහාසික වටිනාකමක් තියෙන සියලු ගොඩනැගිලි නැවත පිළිසකර කිරීමට මම යෝජනා කළා.. වාස්තුවිද්‍යාඥයින්ව ගෙනල්ලා. මොකද සැඟවිලා තියෙන පෞරාණික ගොඩනැගිලි කඩලා විවිධ ව්‍යාපෘති ආරම්භ කරන්න සූදානම් වෙනවයි කියලා ආපු චෝදනා නිසා.

නගරාධිපති නිල නිවසේ අඩුපාඩු ගොඩාක් තිබ්බා. උඩ තට්ටුවේ ලෑලි පොළවල්, තරප්පුපෙල අබලන් වෙලා තිබුණේ. පොළව අන්තිමටම ජරාජීර්ණ වෙලා. මේ අලුත්වැඩියාවන් සියල්ලම මුදල් කමිටුවට දැම්මා. මමමයි තීරණය කළේ කොන්ත්‍රාත් පදනමට නොදී අපේ කර්මාන්ත අංශයට දෙන්න. සියලු අලුත්වැඩියාවන් සඳහා මිලියන 5.2ක් තමයි තිබුණේ වියදම.

ඒකෙන් වැසිකිළි හයක් හතක් තියෙනවා ඔය ගෙදර. ඒකට ගිහින් තියෙන්නේ මිලියන 1.3යි. මිලියන 1.7කට වැඩිය වියදම් වෙන්නේ පොළව අලුත්වැඩියා කරන්න. මේක මුලු ගණනම එකතු කරලා වැඩියෙනුත් එකතු කරලා තමයි සමාජජාල මාධ්‍යවල ගියේ. ඒ ගැන මම කණගාටු වෙනවා. මේක මගේ දෙයක් නෙමෙයි..ජනතාව වෙනුවෙන් ආරක්ෂා කිරීමක් කරන්නේ.”


News Articles
Latest Videos
Most Popular Post