News Line| Off Air
Generic placeholder image

May
19

“ඉස්සර මට ගොඩක් කේන්ති යන කෙනෙක්…මට ඒ වෙලාවේ හොඳටම කේන්ති ගියා…මම ඒ ළමයට ගහලා එයාව අර කබඩ් එකට දාලා වැහුවා…”- ෂෙරිල් ඩෙකර්ගේ අලුත්ම තොරතුරු මෙන්න.

935 Views


“ඉස්සර මට ගොඩක් කේන්ති යන කෙනෙක්…මට ඒ වෙලාවේ හොඳටම කේන්ති ගියා…මම ඒ ළමයට ගහලා එයාව අර කබඩ් එකට දාලා වැහුවා…”- ෂෙරිල් ඩෙකර්ගේ අලුත්ම තොරතුරු මෙන්න.

“ෂෙරිල් ඩෙකර්” කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය තමයි ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චිගේ දයාබර බිරිඳ. ඒ වගේම ඇය කලාතුරකින් ටෙලි නාට්‍යය වලට එක්වන නිළියක්. ගොඩක් කාලෙකට පස්සේ සති අන්ත පුවත්පතකට ඇයගේ අලුත්ම තොරතුරු කියල තිබුනේ මේ විදිහට

පසුගිය වසර තුන තුළ වෙනත් ටෙලි නාට්‍යය සඳහා ආරාධනා ලැබුණේ නැද්ද ..?

ආරාධනා රැසක් ලැබුණා.. ඒත් හිතට හරියන විදියේ පිටපතක් ඒ අතර තිබුණේ නැහැ..

කොහොමද සාමාන්‍ය ජීවිතයේ තොරතුරු…
සාමාන්‍ය විදියට ගෙවිලා යනවා.. රුවන් (රුවන් හෙට්ටි ආරච්චි) එයාගේ සංගීත කටයුතු කරගෙන යනවා.. මම මගේ රංගන කටයුතු කරගෙන යනවා.. අපි දෙන්න අපි දෙන්නගේ වැඩවලට සහය දෙනවා.. රුවන් ප්‍රසංගවලට යද්දි මමත් අනිවාර්යයෙන්ම එයත් එක්ක යනවා.. ඒ වගේම මම ෂූටින් යද්දිත් රුවන් එනවා.. ගේ දොර කටයුතුත් බෙදා හදාගෙන කරනවා.

උයන පිහන කටයුතුවලටත් රුවන් සහය දෙනවද…?
ගෙදර අත් උදව්වට කෙනෙක් ඉන්නවා.. ඒත් මම ගෙදර ඉන්න දවසට උයන පිහන වැඩ කරන්නේ මම. රුවන් උයන්න එන්නේ නැහැ.. ඒත් ගෙදර දොර පිළිවෙළට තියාගන්න වැඩවලට නම් එයා මට වඩා දක්ෂයි.. මම ගේ පිළිවෙළට තියාගත්තේ නැත්නම් රුවන්ගෙන් බැණුම් අහන්න වෙනවා..ගේ දොර පිළිවෙළට තියාගන්න වැඩ ටික නම් ගොඩක් වෙලාවට කෙරෙන්නේ රුවන් අතින් ..

දෙන්නම විවේකී සුවයෙන් ඉන්න දවසට මොකද කරන්නේ…?
මොකක් හරි කෑමක් හදනවා. හොඳ චිත්‍රපටයක් බලනවා.. ඒ වගේම ආගමික කටයුතු සඳහාත් කාලය වෙන්කරනවා..

මොනවද ආගමික කටයුතු…?
දෙන්නම එකතු වෙලා යාඥා කරනවා.. අපි දෙන්නම ආගමට ගොඩක් නැඹුරු දෙන්නෙක්. දෙවියන් වහන්සේ අපිට ගොඩක් දේවල් දීලා තියෙනවා. ඒ දෙවල් ආරක්ෂා වන්නේ වැඩි දියුණු වන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපිට තියෙන හින්දා.. එහෙම වෙන්නේ අපි ආගමානුකූලව ජීවත්වෙන හින්දා කියන එක අපි තදින්ම විශ්වාස කරනවා..

රුවන්ගේ ගීත රූප රචනා බොහොමයක රඟපාන්නේ ෂෙරිල් සහ රුවන් .. දවසක ඔහුත් රංගනයට එක්වෙයිද .. ?
මට ගී ගයන්න බැරි හින්දා මම රුවන් එක්ක සින්දු කියන්න යන්නේ නෑ.. ඒ වගේම තමයි රුවනුත් නිතරම කියන්නේ එයාට රඟපාන්න බෑ කියන එක. එයා රඟපාන්න එන එකක් නෑ ..

දෙන්න අතර පුංචි පුංචි ගැටුම් ඇතිවන අවස්ථා ඇති…
එහෙම අවස්ථා තියෙනවා. ඒත් වැඩි වෙලාවක් තරහවෙලා ඉන්න අපි දෙන්නටම බෑ..

ෂෙරිල්ට ගොඩක් කේන්ති යනවා කියන්නේ ඇත්තද…?
ඉස්සර මට ගොඩක් කේන්ති යන කෙනෙක් .. ඉස්කෝ‍ලේ යන කා‍ලේ පිරිමි ළමයි එක්කත් ගහගෙන තියෙනවා.. ඒත් දැන් මට ඉබේම වගේ ඉවසීම පුරුදුවෙලා. දැන් මට කේන්ති යන්නේ නෑ.. හැබැයි දැන් රුවන්ට නම් ඉස්සරට වඩා කේන්ති යනවා..

ඉස්කෝ‍ලේ යන කා‍ලේ පිරිමි ළමයි එක්කත් ගහගෙන තියෙනවා කිව්වේ.. මතකද ඉන් එක අවස්ථාවක් .. ?
මම ගියේ මිශ්‍ර පාසලකට.. මේ සිද්ධිය වුණේ මම 8 වසරේ ඉගෙන ගනිද්දි.. ඒ දවස්වල අපේ පන්තියේ කබඩ් එකක් තිබුණා . ඒකේ කැර‍පොත්තෝ පිරිලා ඉන්න හින්දා කවුරුවත් ඒ කබඩ් එක අරින්නේ නැහැ.. දවසක් පිරිමි ළමයෙක් මැරිච්ච කැර‍පොත්තෙක්ව මගේ ඇඟට දැම්මා.. මට ඒ වෙලාවේ හොඳටම කේන්ති ගියා.. මම ඒ ළමයට ගහලා එයාව අර කබඩ් එකට දාලා වැහුවා..

ෂෙරිල් රුවන් කැදැල්ලට පුංචි අමුත්තෙක් එන්නේ කවදාද කියලා දැනගන්න ඔබලාගේ රසික පිරිස කැමති ඇති..
අපි දෙන්නත් ආශාවෙන් බලාගෙන ඉන්නේ ඒ දවස එනකල් … දෙවියන් වහන්සේ ඒ දවස තීරණය කරයි.


News Articles
Latest Videos
Most Popular Post