News Line| Off Air
Generic placeholder image

May
20

දකුණේ පැතිර යන වසංගතය රෝග 3 ක එකතුවක්. අලුත්ම හෙළිදරව්ව මෙන්න.

3419 Views


දකුණේ පැතිර යන වසංගතය රෝග 3 ක එකතුවක්. අලුත්ම හෙළිදරව්ව මෙන්න.

දකුණු පළාතේ පැතිරයන හදුනා නොගත් වෛරස් උණ රෝගයෙන් දරුවන් 11 දෙනෙකු ඇතුළු 13 දෙනෙකුට ජිවිත අහිමි වෙලා තියෙනවා. සෞඛ්‍ය අංශ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්ත්වයත් එක්ක ඇඩිනෝ වෛරසය හා බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් මේ උණ රෝගය පැතිර යනවා කියලා.

රෝගීකාරක තත්ත්වය ආසාදනය වූ 84 දෙනෙකුගේ රුධිර සාම්පල මේ වෙද්දීත් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යවලා තියෙනවා. ඉන් 27 දෙනෙකුට ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්ත්වයත් සමඟ ඇඩිනෝ වෛරසය හා නියුමොකොකාල් බැක්ටීරියාව ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන තියෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ මෙම රෝග කාරකයට කුඩා දරුවන්ට, ගර්භණී මව්වරුන්ට සහ හෘද රෝගීන් වැඩිවශයෙන් ගොදුරු වෙන්න පුළුවන් කියලා. මේ රෝගය වැළඳුණු කුඩා දරුවන් සහ වැඩිහිටියන් බෝහෝ දෙනෙක් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබපු කුඩා දරුවන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මාතර දිස්ත්‍රික්කයේද මේ වන විට මෙම වෛරසය පැතිර යනවා. මාතර, කඹුරුපිටිය මූලික රෝහලේද කුඩා දරුවන් 50 කට අධික පිරිසක් මේ වන විට ප්‍රතිකාර ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post