News Line| Off Air
Generic placeholder image

May
21

ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු පුටුවට සිව්කොන් සටනක්.

561 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් ලොකු පුටුවට සිව්කොන් සටනක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 31 වෙනිදා පවත් වන්න නියමිතයි. ඒ නිසා මේ වෙද්දී මුල් පුටුවට තරඟ කරන අය නාම යෝජනා බාර දීලා තියෙනවා. මේ සැරේ අපේක්ෂකයින් 4 දෙනෙක් නාම යෝජනා බාර දුන්නා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා ආයෙත් සැරයක් ක්‍රිකට් ලොකු පුටුවට තරඟ කරනවා. ඒ වගේම හිටපු සභාපතිවරයෙක් වන ජයන්ත ධර්මදාස මහතාත් මෙවර නාම යෝජනා බාර දීලා තියෙනවා. ඒ වගේම නිශාන්ත රණතුංග මහතා සහ මොහාන්ද සිල්වා යන මහත්වරුත් නාම යෝජනා බාර දීලා තියෙනවා.

නාම යෝජනා ඉදිරිපත් කල අයගෙන් තරඟ වදින්න පුලුවන් අයගේ නම් ලැයිස්තුව මේ මාසේ 30 වෙනිදා දැනුම් දෙන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post