News Line| Off Air
Generic placeholder image

May
22

පොසොන් පෝයට තරුණයෙක් හදන අඩි 14 ක LED තොරණ. – Photo

1127 Views


පොසොන් පෝයට තරුණයෙක් හදන අඩි 14 ක LED තොරණ. – Photo

ලෝකෙටම අභියෝග කරන්න පුළුවන් තරුණයන් අපේ රටේ ඉන්නවා. තාක්ෂණය අතින් ලංකාවේ තරුණයන් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. තාක්ෂණය උපයෝගී කර ගෙන අපූරු නිරමාණ කරන්න අපේ රටේ තරුණයන් උත්සහා කරනවා.

මේ කියන්න යන්නෙත් ඒ වගේ නිරමාණයක් ගැන. බංගදෙනියේ පදිංචි අජන්ත දනුෂ්ක කුමාර කියන තරුණයා පොසොන් උත්සවයට අපූරු නිරමාණයක් කරන්න පටන් අරගෙන. ඒ LED තොරණක්.

3mm * 5mm LED බල්බ් 23,000 ක් මේ තොරණ හදන්න යොදා ගෙන තියෙනවා. තොරණේ උස අඩි 14 ක්. LED තොරණේ සියලුම පරිපථ හදලා තියෙන්නේ අජන්තමයි. ස්වර්ණ හංස ජාතකය රැගත් මේ තොරණ ලබන 27 වෙනිදා ඉදන් ප්‍රදර්ශනය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post