News Line| Off Air
Generic placeholder image

May
22

හැරී මේගන් රජ මඟුලට ආ ප්‍රියංකා ඇතුලු සුපිරි තරු මෙන්න. – Photo

1211 Views


හැරී මේගන් රජ මඟුලට ආ ප්‍රියංකා ඇතුලු සුපිරි තරු මෙන්න. – Photo

හැරී – මේගන් රාජකීය විවාහය අනිත් රාජකීය විවාහ වලට වැඩ වෙනස් එකෙක් වුණා. ඒ ලෝකයේ විවිධ ක්ෂේත්‍ර වල තරු රැසක් මේ විවාහයට ඇවිත් හිටිය නිසා. එකට එක හේතුවක් තමයි මේගන් මාකල් කලින් නිලියක් වීම.

ලෝක පූජිත ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම මේ විවාහයට ඇවිත් හිටියා. ඇමරිකාවේ ජනප්‍රිය නළුවෙක්, පිටපත් රචකයෙක් වගේම ගායකයෙක් විදිහට කටයුතු කරන 39 හැවිරිදි James Corden රාජකීය මංගල්‍යයට සහභාගී වුණා. ඒ වගේම James Blunt කියන දක්ෂ ගායකයාත් Carey Mulligan ඇයගේ සැමියාත් මේ විවාහයට ආරාධනා ලැබිලා තිබ්බා.

රංගන ශිල්පිණි Oprah Winfrey වගේම ගායිකාවක් සහ පද රචිකාවියක් වන Joss Stone, රංගන ශිල්පී George Clooney, රාජකීය විවාහ මංගල්‍යයට සම්බන්ධ වීම විශේෂත්වයක් වුණා.

ඊට අමතරව David Beckham ,Tom Hardy, ටෙනිස් ක්‍රීඩිකා Serena WIlliams , Idris Elba යන අය රාජකීය විවාහයට සහභාගී වුණා. විශේෂයෙන්ම ආසියාවෙන් ආරාධනා ලබපු එකම පුද්ගලයා වුන ප්‍රියංකා චොප්රා මේ විවාහ උත්සවයට ඇවිත් හිටියා.


News Articles
Latest Videos
Most Popular Post