අභියෝග කියන්නේ ලංකාවේ අයට නම් කජු කනවා වගේ වැඩක්. ඒ වගේම අභියෝග හොයාගෙන යන්න ලංකාවේ අයට තියෙන්නේ පුදුම ආසාවක්. දැවැන්ත අභියෝගයක් ජය ගත්ත ලංකාවේ තරුණයෙක් ගැන.
එවරස්ට් කඳු මුදුන තරණය කල දෙවෙනි ශ්‍රී ලාංකිකයා වෙන්න ජොහාන් පීරිස් අද සමත් වුණා. නේපාලයේ වේලාවෙන් උදේ 5.55 ට තමයි ජොහාන් එවරස්ට් කඳු මුදුනට ඇවිත් තියෙන්නේ.
2016 මැයි 21 වෙනිදාත් දීත් ජොහාන් එවරස්ට් කන්ද තරණය කරන්න උත්සාහා කරලා තියෙනවා. හැබැයි කඳු මුදුනට මීටර් 400 ක් තියෙද්දී ඔහුගේ ඔක්සිජන් ටැංකිය ඉවර වුණා. ඒ වෙද්දීත් ඔහු මීටර් 8,400 ක් තරණය කරලා තිබ්බා. හැබැයි ජොහාන් උත්සාහය අතහැරියේ නෑ.
මේ වෙද්දී ජොහාන් එවරස්ට් කඳු මුදුනේ ඉඳන් පහළට බහින්න පටන් ආරන් තියෙනවා. හැබැයි කන්ද නගිනවාට වැඩ බහින එක භායනක වැඩක්. ජොහාන් වෘත්තියෙන් අන්තර්ජාතික කොණ්ඩා සැකසුම් ශිල්පියෙක්.
මේ තියෙන්නේ ජොහාන් කඳු මුදුනට පැමිණි අවස්ථාවේ ඡායාරූප.