News Line| Off Air
Generic placeholder image

May
22

කොදෙව් ක්‍රිකට් ගොඩ ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් මිලියන ගණනක ණයක් දෙයි.

3058 Views


කොදෙව් ක්‍රිකට් ගොඩ ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් මිලියන ගණනක ණයක් දෙයි.

ලබන මාසේ කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියක් පවත්වන්න නියමිතයි. හැබැයි අපි ඊයේ ඔබට වාර්තා කලේ සල්ලි ප්‍රශ්නයක් නිසා අන්තිම ටෙස්ට් තරඟය පවත්වන්නේ නෑ කියලා. ඒ වෙනුවට එක්දින හෝ T20 තරඟාවලියක් පවත්වනවා කියලා.

මේ දවස්වල කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්නේ ලොකු මූල්‍ය අර්බුදයක. ඒ නිසා ලංකාවෙන් ණය මුදලක් ඉල්ලලා තියෙනවා. කොදෙවන්ගේ මේ ඉල්ලීම සලකා බලලා මිලියන ගණනක් ණයක් දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැමති වෙලා තියෙනවා. හැබැයි මේ මුදල කොච්චරක්ද කියලා තාම තීරණය කරලා නෑ.

මේ ණය මුදල දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනමය මූල්‍යමය අතින් ශක්තිමත් කියලා ක්‍රිකට් ආයතනය පවසනවා. කොහොම වුනත් කිසිම පැකිලීමක් නැතුව මේ ණය දෙන්නේ දෙරටේ මිත්‍රත්වය වර්ධනය කර ගන්න වගේම ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට කොදෙව් ක්‍රීඩකයින් සම්බන්ධ කර ගැනීමේ අරමුණින්.


News Articles
Latest Videos
Most Popular Post