News Line| Off Air
Generic placeholder image

May
22

ඇන්ජලෝට සහ චන්දිට ලොකු කුට්ටියක්. තරංගට, තිසරට අඩු සැලකිලි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පඩි වැඩි වුණු හැටි මෙන්න.

3250 Views


ඇන්ජලෝට සහ චන්දිට ලොකු කුට්ටියක්. තරංගට, තිසරට අඩු සැලකිලි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පඩි වැඩි වුණු හැටි මෙන්න.

ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය පහුගිය අවුරුද්දේ ලොකු ලාභයක් ලැබුවා. කොච්චර ලාභයක් ලැබුවද කියනවා නම් කෝදෙව්වන්ට ණය දෙන්නත් දැන් ක්‍රිකට් අායතනය සූදානමින් ඉන්නවා.

මේ නිසා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ පඩි වැඩි කරන්නත් තීරණය කරලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය එක්ක ක්‍රීඩකයින් 33 දෙනෙක් කොන්ත්‍රාත් අත්සන් කරලා තියෙනවා. එ් හැමෝටම කාණ්ඩ 5 ක් යටතේ පඩි වැඩි වෙනවා. 34% කින් තමයි ක්‍රිඩකයන්ගේ පඩි වැඩි වීම වෙන්නේ.

“එ්” කාණ්ඩයට අැතුලත් වෙලා තියෙන්නේ අැන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, සුරංග ලක්මාල් සහ දිමුත් කරුණාරත්න. උපුල් තරංග සහ දිල්රුවන් පෙරේරා “බී” කාණ්ඩයට අැතුලත් කරලා තියෙනවා. කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා සහ තිසර පෙරේරා “සී” කාණ්ඩයට අැතුලත්. “ඩී” කොටසට අයත් වෙන්නේ අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක හා නුවන් ප්‍රදීප්.

ප්‍රිමීයර් කාණ්ඩයට සධීර සමරවික්‍රම, රෝෂේන් සිල්වා, ළහිරු තිරිමාන්න, ළහිරු ගමගේ, විශ්ව ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩසේ, දසුන් ශානක, කෞෂාල් සිල්වා, ෂෙහාන් මධුශංඛ, ළහිරු කුමාර, මලින්ත පුෂ්පකුමාර, අමිල අපොන්සු, වන්දු හසරංග, ඉසුරු උදාන හා ඩිල්ෂාන් මුණවීර අැතුලත්.


News Articles
Latest Videos
Most Popular Post