News Line| Off Air
Generic placeholder image

May
23

“දැන් රණවිරුවෝ මාකට් කරන්න බෑ කියලා කලාකරුවෝ කියනවා. කෙල්ලෙක් කොටට ඇඳලා හිටියා නම් ලක්ෂ 100 ක් විතර බලලා.” – රණවිරුවන් ගැන කරපු ගීතය ගැන ඉරාජ් කියන කතාව මෙන්න.

1263 Views


“දැන් රණවිරුවෝ මාකට් කරන්න බෑ කියලා කලාකරුවෝ කියනවා. කෙල්ලෙක් කොටට ඇඳලා හිටියා නම් ලක්ෂ 100 ක් විතර බලලා.” – රණවිරුවන් ගැන කරපු ගීතය ගැන ඉරාජ් කියන කතාව මෙන්න.

ඉරාජ් වීරරත්න කියන්නේ ආන්දෝලනාත්මක Video කලාව ලංකාවට හදුනවා දීපු සංගීත අධ්‍යක්ෂවරයෙක්. ලංකාවේ You-tuber ත් ඉරාජ්. ඔහු පහුගිය දා තිබ්බ විජයග්‍රහණයේ සැමරුමට සමගාමීව රණවිරුවන් ගැන ගීතයක් කරා. මේ වෙද්දී Youtube එකේ Trending 1 තියෙන්නේ ඒ ගීතය. හැබැයි ඉරාජ්ගේ අනිත් Video තරම් මේ ගීතය කට්ටිය බලලා තිබුනේ නෑ. ඒ ගැන ඉරාජ් පුවත්පතකට අදහස් දක්වලා තිබුණා.

“පහුගිය අවුරුදු කිහිපය තුලම මාධ්‍ය ඔස්සේ දැක්කා රණවිරුවෝ පාරට බැහැලා විවිධ ඉල්ලීම් කරනවා. මේ රණවිරුවෝ ලංකාවේ කලාකරුවන්ට ගිහින් කියලා අපේ මේ ඉල්ලීම් වලට ගීතයක් කරන්න කියලා. අපේ රටේ ජනප්‍රිය කලාකරුවෝ පිරිස්දක් කියලා දැන් රණවිරුවෝ මාකට් කරන්න බෑ කියලා. ඒ කතාවට මට ගොඩක් දුක හිතුනා. මට හිතුනා මේ අයගේ කතාව එළියට ගෙන්න ඕන කියලා.” ගීතය හදන්න හේතු වුන කරනවා ඉරාජ් කිව්වේ එහෙමයි.

මේ ගීතයට ලැබෙන හැම රුපියලක්ම රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන් කරනවා කියලා ඉරාජ් කිව්වා. “රණවිරුවෝ ගැන සින්දුවක් කිව්වම අනුග්‍රහකයෙක්වත් ඉදිරිපත් වුණේ නෑ. රටේ යුධ ජයග්‍රහණය පවා අද වෙද්දී නවත්තලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම මමම අතින් සල්ලි දාලා කරපු ව්‍යාපෘතියක්.” කියලා ගීතය හදද්දී ආව බාධක ගැන ඉරාජ් කියලා තිබ්බා.

“මගේ “දැනුනා” Music Video එක පැය 24 න මිලියනයක් බැලුවා. හැබැයි දවස් 4 ක් ගිහිල්ලත් මේක බලලා තියෙන්නේ ලක්ෂ 2 යි. ඇත්තටම මේ රටේ කුණු තමයි මාකට් වෙන්නේ. රණවිරුවන්ට කරපු වැඩෙත් ගෑණු ළමයෙක් කොටට ඇඳන් හිටියා නම් අද වෙද්දී ලක්ෂ 100 ක් විතර බලලා.”


News Articles
Latest Videos
Most Popular Post