News Line| Off Air
Generic placeholder image

May
23

ලංකාව වැස්සෙන් යට වෙද්දී අසල්වැසි පාකිස්ථානය අධික රස්නයෙන් පිච්චෙයි. – Photo

562 Views


ලංකාව වැස්සෙන් යට වෙද්දී අසල්වැසි පාකිස්ථානය අධික රස්නයෙන් පිච්චෙයි. – Photo

ලංකාවේ මේ වෙලාවේ ඇති වෙලා තියෙන තත්වය ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑනේ. මහා වැස්සට ටරෙන් භාගයකට වඩා පීඩා විඳිනවා. ලංකාව වැස්සෙන් බට කද්දී අසල්වැසි පාකිස්ථානයත් බැට කනවා.

ඒ අධික රස්නයෙන්. පාකිස්තානයේ කරච්චි නුවර උෂ්ණත්වය ඉහළ යාම නිසා 65 දෙනෙක් මිය ගිහින් තියෙනවා. පහුගිය දවස් 3 ක කාලයේදී තමයි මේ මරණ සිද්ධ වෙලා තියෙන්නේ.

පහුගිය සඳුදා කරච්චි නුවර උෂ්ණත්වය සඳහන් වෙලා තියෙන්නේ සෙල්සියස් අංශක 44 ක්. සාමාන්‍යයෙන් මැයි මාසයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 ක් කියලා කාලගුණ අංශ සඳහන් කරනවා. මේ වෙද්දී කරච්චි නගරයේ විදුලියත් බිංද වැටිලා තියෙනවා. ඒ වගේම මුස්ලිම්වරුන්ගේ උපවාස කාලයත් ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා තත්වය තවත් දරුණු වෙලා තියෙනවා.

මේ රස්නයෙන් ආරක්ෂා වෙන්න ගෙවල් ඇතුලටම වෙලා ඉන්න කියලා බලධාරීන් ජනතාවට් දැනුම් දීලා තියෙනවා. 2015 දී කරච්චි නුවර ඇති වුන මේ වගේ උෂ්ණත්වය වැඩි වීමක් නිසා 1300 ක් මිය ගිහින් තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post