කුමාර සංගක්කාර කියන්නේ ලෝකයේම ගෞරවයට පාත් වුන චරිතයක්. දොන් බ්‍රැඩ්මන්ට පස්සේ ලෝකයේ බිහිවුන සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයා ඔහුයි. ඔහුට ලංකාවේ තියෙන පිළිගැනීම, ගෞරවය ලංකාවේ කිසිම දේශපාලඥයෙක්ට නෑ.
පහුගිය දවසක ලංකාවේ සුපිරි දේශපාලන පක්ෂයකින් සංගාට ආරාධනාවක් ආවා. ඒ 2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්න කියලා. හැබැයි සංගක්කාර නම් ගත කටටම කියලා තියෙන්නේ බෑ කියලා.
දේශපාලඥයෙක් නැතුව සංගක්කාර වැනි චරිතයක් ජනාධිපති වුනොත් විධායක ජනාධිපති තනතුර පවා අහෝසි කර ගන්න පුළුවන් වෙයි කියලයි පක්ෂයේ අදහස වෙලා තියෙන්නේ.