News Line| Off Air
Generic placeholder image

May
23

ෆැෆ් ඩු ප්ලෙසි, චෙන්නායි කණ්ඩායමට අවසන් මහා තරඟයට යන පාර පෙන්නයි.

1062 Views


ෆැෆ් ඩු ප්ලෙසි, චෙන්නායි කණ්ඩායමට අවසන් මහා තරඟයට යන පාර පෙන්නයි.

IPL අවසන් මහා තරඟයට දොරටු විවර කරන තරඟයක් ඊයේ පවත් වුණා. ඒ Sunrisers Hyderabad සහ Chennai Super Kings කණ්ඩායම් අතර. තියුණු සටනකින් පස්සේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගන්න Chennai Super Kings කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන්නේ හයිද්‍රාබාද් කණ්ඩායම. තරඟයේ පළමු පන්දුවෙන්ම ශිකර් ධවාන් දැවී ගියා. නායක විලියම්සන් ලකුණු 24 යි. යූසුෆ් පතාන් ඉතාමත් මන්දගාමී ලකුණු 24 ක් ලබා ගත්තා. බිඳ වැටෙමින් තිබ්බ හයිද්‍රාබාද් ඉනිම යන්තම් හරි ඔසවා තියන්න සමත් වුනේ බ්‍රාත්වෙයිට් විතරයි.

ඔහු නොදැවී ලකුණු 43 ක් ලබා ගත්තා. 4 පහරක් සහ 6 පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුලත් වුණා. අනිත් කිසිම හයිද්‍රාබාද් පිතිකරුවෙක්ට සාර්ථ වෙන්න බැරි වුණා. බ්‍රාවෝ කඩුලු 2 ක් දවා ගත්තා. පන්දුවාර 20 අවසන් වෙද්දී හයිද්‍රබාද් කණ්ඩායමට ලකුණු 139 ක් විතරයි ලබා ගන්න පුළුවන් වුණේ. ඔවුන්ගේ කඩුලු 7 ක් බිඳ වැටුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල චෙන්නායි කණ්ඩායමේ පළවෙනි කඩුල්ලත් පළවෙනි පන්දු වාරයේදීම දැවී ගියා. රයිනා ලකුණු 22 යි. චෙන්නායි කණ්ඩායමේත් මැද පෙළ අසාර්ථක වුණා. පරාජයේ දොරටුව පෙනෙමින් තිබුන චෙන්නායි කණ්ඩායම ජයග්‍රහණයට ගෙනියන්න ඩු ප්ලෙසි සමත් වුණා.

හුදෙකලා සටනක් කල ඩු ප්ලෙසි නොදැවී ලකුණු 67 යි. ඔහුගේ ඉනිම 4 පහර 5 කින් සහ 6 පහර 4 කින් වර්ණවත් වුණා. තාකූර් ලකුණු 15 ක් ලබා ගත්තා. පන්දුවාර 19 යි එක පන්දුවක් අවසන් වෙද්දී චෙන්නායි කණ්ඩායම ජය ලබා ගත්තා. ඒ සඳහා ඔවුන්ට කඩුලු 8 ක් වැය වුණා. තරඟයේ වීරයා ෆැෆ් ඩු ප්ලෙසි.

Chennai Super Kings කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා. Sunrisers Hyderabad කණ්ඩායමට දෙවෙනි අවසන් පූර්ව තරඟයේදී තවත් අවස්තාවක් ලැබිලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post