News Line| Off Air
Generic placeholder image

May
24

අද අවිවාහක අයට මංගල යෝග තියෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතිනින් බලන්න.

585 Views


අද අවිවාහක අයට මංගල යෝග තියෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතිනින් බලන්න.

අද 2018 මැයි මස 24 වන බ්‍රහස්පතින්දා 
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.40 සිට 03.14 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.33 සිට 03.00 දක්වා 
සුභ දිශාව: නැගෙනහිර

මේෂ ලග්නය

අවංකව ඔබ කටයුතු කරන දිනයකි. කායික ශක්තිය මනාව පවතින දිනයකි. ආදායම සුභ දිනයකි. නායකත්වයද ඔබට ලැබෙන දිනයක් විය හැකි බැවින් වඩාත් කලපනාකරිව කටයුතු කළයුතු දිනයකි. මනා ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. ඔබේ රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම එඩිතරව කටයුතු කළයුතු දිනයකි. ව්‍යාපාර කටයුතු කරන්නන්ටද සුභ දිනයකි.
ජය වර්ණය: ලා රෝස පැහැය                                             ජය අංකය: 02

වෘෂභ ලග්නය

ඔබේ සෞඛ්‍ය ගැන නම් වැඩියෙන් සැළකිලිමත් විය යුතු දිනයකි. කලට වෙලාවට ආහාර ගැනීමට යොමුවන්න. කායික ශක්තිය අතින්ද ඔබ ශක්තිමත් වන දිනයකි. නමුත් කෝපයෙන් තොරව වැඩ කටයුතු කිරීමට වග බලාගත යුතුයි.
ජය වර්ණය: ලා රතු පැහැය                                                    ජය අංකය: 06

 මිථුන ලග්නය

සුන්දර කතා විලාෂයකින් වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. ඒ නිසාම අන් අය අතරද ඔබ ජනප්‍රියත්වයට පත්වන දිනයකි. ඔබේ ප්‍රකාශන ශක්තිය ඉතාම ඉහල දිනයකි. නව නිර්මාණ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. යමක් ඉතාම හොදින් වටහාගත හැකි දිනයකි. අධ්‍යාපන කටයුතු වලටද සුභ දිනයකි. යහපත්ව මෙන්ම අන් අයට ආදර්ශමත්ව ගත කළහැකි දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                          ජය අංකය: 04

කටක ලග්නය

නිවසේ අලුත්වැඩියා කටයුතු වලට වෙහෙසෙන දිනයකි. කතාවට වැඩි දස්කම් දක්වන අතර ක්‍රියාශීලීව දිනය ගත කිරීමට ඔබ ප්‍රිය කරයි. තිබු යම් යම් අඩුපාඩු සපුරාගත හැකි දිනයකි. තීක්ෂණ බුද්ධියෙන් යුතුව කටයුතු කළහැකි දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                                        ජය අංකය: 03

සිංහ ලග්නය

තරමක් අහංකාර ගති ලක්ෂණ පෙන්නුම් කරන දිනයකි. ඒවා ඉවතලා කටයුතු කරන්න. නව රැකියා මාර්ග ඇතිවන දිනයකි. එමෙන්ම ඔබේ ආදායම් තත්වයද වෙනදට වඩා වැඩිවන දිනයකි.උසස්වීම් ලබාගත හැකි දිනයකි. ලැබීම් අතින් ඉතාම සුභ දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                                       ජය අංකය: 02

කන්‍යා ලග්නය

තම පවුල වෙනුවෙන් වැඩියෙන් වෙහෙසෙන දිනයකි. ගමන් බිමන් වලට කැමැත්තක් දක්වන දිනයකි. කලා කටයුතු වලටද වැඩි ඇල්මක් දක්වයි. අන් අය සමඟ ක්‍රියාශීලීව දිනය ගත කරයි.  විනෝදයෙන් දිනය ගත කළ හැකිය. කතා ශක්තිය වෙනදට වඩා වර්ධනය වන දිනයකි. නව රැකියා හා ව්‍යාපාර අවස්ථා ඇතිවන දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                         ජය අංකය: 01

 

තුලා ලග්නය

නිරවුල්ව කටයුතු කරන දිනයකි. ඉවසීම ඔබට වඩාත් වැදගත් වේවි. ව්‍යාපාර වලින් ඔබට අතිරේක ආදායම් ලබාගත හැකි දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද සුභ දිනයකි. අන් අය මනාවට තේරුම් ගන්න අතර වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. නිසි පාලනයකින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා තැඹිලි පැහැය                                                          ජය අංකය: 03

වෘශ්චික ලග්නය

 

අවිවාහක යට විවාහ යෝග උදාවන දිනයකි. අන් අයව වඩාත් හොදින් තේරුම් ගෙන කටයුතු කළහැකි දිනයකි. නායකත්ව ගුණාංග පෙන්නුම් කරයි. නිසි තේරුම් ගැනීම ඇතිවන දිනයකි. වෙන දිනයන්ට වඩා තියුණු නුවණින් යුතුව ඔබට කටයුතු කළහැකි දිනයකි. අන් අයගේ දුකට පිහිට වන දිනයකි. මුදල් ගනුදෙනු වලදී නම් ප්‍රවේසම් විය යුතු දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය                                         ජය අංකය: 02

 

ධනු ලග්නය

නව රැකියා අවස්ථා සඳහා ඉතාම කදිම දිනයකි. මනා ජීවිතයක් සඳහා නව සැලසුම් සකස් කිරීමට සුභ දිනයකි. මෙතෙක් කල් ඔබ බලාපොරොත්තුවෙන් සිටි දේවල් ලැබීමට පටන් ගන්න දිනයකි. ලැබීම් අතින් ඉතාම සුභ දිනයකි. කලබලයකින් තොරව කටයුතු කිරීමට වගබලාගත යුතු දිනයකි. අන් අයට ආදර්ශමත්ව කටයුතු කළහැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා ගුරු පැහැය                                               ජය අංකය: 01

 

මකර ලග්නය

උපතින්ම ගෙනෙන චාම් ගතිය වඩාත් හොදින් පෙන්නුම් කරන දිනයකි. දුර දිග බලා කටයුතු කරන දිනයකි. විමසිලිමත් විය යුතු දිනයකි. යම් ගමන් බිමන් තුළින් වඩාත් වැදගත් අය සම්මුඛ වන දිනයකි. ආදායම් තත්වය වර්ධනය කරගැනීමටද සුභ දිනයකි.  ඉඩමක්, නිවසක්, වාහනයක් අලුතින් මිලදී ගැනීමටද සුභ දිනයකි. නිසි සැලසුම් මත තීරණ ක්‍රියාත්මක කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: දම් පැහැය                                       ජය අංකය: 09

 

 

කුම්භ ලග්නය

ජල පීඩා ඇතිවීමට ඉඩ ඇති දිනයකි. අනතුරු වලින් ප්‍රවේසම් වීමට වග බලාගන්න. මොළයෙන් කරන සුක්ෂම වැඩ මෙන්ම නිර්මාණ වැඩ කටයුතු ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි. දෙයක් ඉක්මනින් අවබෝධ කරගැනීමේ හැකියාව පවතින දිනයකි. ඉවසීමෙන් යුතුව මනාවට කටයුතු කළහැකි දිනයකි. අප්‍රමාදව, තැනට සුදුසු නුවණින් යුතුව වඩාත් සාර්ථකව දිනය ගත කිරීමේ හැකියාව පවතියි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                        ජය අංකය: 08

 

මීන ලග්නය

අදහස් උදහස් වල දියුණුවක් ඇතිවන දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලට යොමුවිය හැකි දිනයකි. නමුත් තරමක සෙල්ලක්කාර ගති ලක්ෂණ පෙන්නුම් කරන දිනයකි. එබැවින් කල්පනාවෙන් වැඩ කරන්න. වන්දනා ගමන් බිමන් වැඩියෙන් ඇතිවන දිනයකි. මුදල් ගනුදෙනු වලදී සැළකිලිමත් විය යුතු දිනයකි. නමුත් ආදායම් තත්වය වැඩිවන දිනයකි. සමාජ සේවා වැඩ කටයුතු වලටද යොමුවන දිනයකි.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය                             ජය අංකය: 07
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ 
දුරකථන: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post