News Line| Off Air
Generic placeholder image

May
24

“එක්කෝ සාකච්ඡා කරමු. නැත්නම් න්‍යෂ්ටික යුද්ධයකට එන්න.” – උතුරු කොරියාව, ඇමෙරිකාවට තර්ජනය කරයි.

740 Views


“එක්කෝ සාකච්ඡා කරමු. නැත්නම් න්‍යෂ්ටික යුද්ධයකට එන්න.” – උතුරු කොරියාව, ඇමෙරිකාවට තර්ජනය කරයි.

පහුගිය කාලයේ ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක්වුන මාතෘකාවක් තමයි උතුරු කොරියාවේ සම සාකච්ඡා. දකුණු කොරියාවත් එක්ක මුහුණට මුහුණ හමු වුන උතුරු කොරියාව ඇමෙරිකාව එක්කත් සාකච්ඡා කරන්නයි හිටියේ.

හැබැයි හිටි හැටියේම ඒ සේරම කණපිට පෙරලුනා. දකුණු කොරියාව එක්ක තිබ්බ සාකච්ඡාත් උතුරු කොරියාව නවත්තලා දැම්ම. දැන් ඇමෙරිකාව එක්ක තියෙන සාකච්ඡාවත් කොට උඩ තියෙන්නේ. මේ අතරේ ඇමෙරිකාව සහ උතුරු කොරියාව දෙගොල්ලොන්ටම තර්ජනය කරන්න පටන් අරන්.

තමන් එක්ක සාකච්ඡාවට එන්න කියලා ඇමරිකාවට ආයාචනා කරන්නේ නෑ කියලා උතුරු කොරියාව ඊයේ ප්‍රකාශ කරා. ඇමෙරිකාවේ උප ජනාධිපතිවරයා මෝඩයෙක් කියලත් උතුරු කොරියාව ප්‍රකශ කරනවා. උතුරු කොරියාව සහ ලිබියාව සමාන කරන්න එපා කියලත් වැඩි දුරටත් සඳහන් කරා.

ඇමෙරිකාව රාජ්‍ය තාන්ත්‍රිකව ප්‍රශ්නය විසඳා ගන්නේ නැත්නම් න්‍යෂ්ටික යුද්ධයකට අවතීර්ණ වෙන්න සිද්ධ වෙනවා කියලා උතුරු කොරියාව තර්ජනය කරනවා.


News Articles
Latest Videos
Most Popular Post