Mr.360 නොහොත් A.B. ඩිවිලියස් පහුගිය දා ක්‍රීඩාවට සමු දුන්නා. ඔහුගේ සමුගැනීම ගැන ක්‍රිකට් කරන හැමෝම දුක් වුණා. ක්‍රිකට් වලින් සමු ගනිද්දී ලෝක වාර්තා කිහිපයක්ම තමන්ගේ නම ඉදිරියේ සටහන් කර ගන්න ඩිවිලියස් සමත් වුණා.
ඩිවිලියස්ගේ සමුගැනීමට ලෝකයේ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් twitter පණිවිඩ තියලා තිබ්බා. ලංකාවෙන් බිහිවුන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනත් සුභ පැතුම් එක් කරලා තිබ්බා.
ඒ වගේම දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් ඩිවිලියස්ට සුභ පතලා twitter පණිවිඩ තියලා තිබ්බා. “ඔබ හැම වෙලේම ශ්‍රී ලාංකිකයන්ගේ ආදරයට ලක් වුණා” කියලා දිමුත් කරුණාරත්න twitter සටහනේ කියලා තිබ්බා.