News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
24

මහ වැස්සට පාර්ලිමේන්තුවත් යට වෙන ලකුණු.

577 Views


මහ වැස්සට පාර්ලිමේන්තුවත් යට වෙන ලකුණු.

සතියකට වඩා කාලයක් තිස්සේ ඇද හැලෙන වැස්ස නිසා ලංකාවේ දිස්ත්‍රික්ක 18 ක් ආපදාවට ලක් වෙලා තියෙනවා. මොර සූරන වැස්ස නිසා රට කරව තැනත් ආපදාවට ලක් වෙන්න යනවා.

මහා වැස්ස නිසා පාර්ලිමේන්තුවත් යට වෙන්න අවධානමක් තියෙනවා කියලා බස්නාහිර අමාත්‍ය පාඨලී චම්පික මහතා කතානායකවරයාට දැනුම් දීලා තියෙනවා. දියවන්නා ඔයේ වතුර මට්ටම මේ වෙද්දීත් වැඩි වෙලා තියෙන්නේ. තවත් වතුර මට්ටම වැඩි වුනොත් පාර්ලිමේන්තුව යට වෙන්න පුළුවන්.

ඒ නිසා හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න නාවික හමුදාව සූදානම් කරලා තියෙනවා. මීට කලිනුත් 1992 දී සහ 2010 දී පාර්ලිමේන්තුව ජලයෙන් යට වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post