News Line| Off Air
Generic placeholder image

May
25

අද ලග්න 3 කට ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

791 Views


අද ලග්න 3 කට ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 මැයි මස 25 වන සිකුරාදා
රාහු කාලය: දිවා කාලය උදෑසන 10.34 සිට දහවල් 12.07 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.41 සිට අලුයම 12.08 දක්වා 
සුභ දිශාව: උතුර 
මරු සිටින දිශාව: ගිනිකොණ 

මේෂ ලග්නය

අසල්වාසීන්ගෙන් බොහෝ උදව් උපකාර ලැබෙන දිනයකි. ඔබට වඩා උගත් මෙන්ම උසස් පුද්ගල ඇසුර ලැබෙන දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. අන් අය අතර වැඩි ගෞරවය ලැබෙන දිනයකි. ආගමානුකුලව මෙන්ම සැලසුම් සහිතව ක්‍රියාත්මක විය යුතු දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                    ජය අංකය: 07

වෘෂභ ලග්නය

තමන් ආරම්භ කරන කටයුතු වලට බාධා එන දිනයකි. නමුත් උත්සාහ කලොත් ඕනෑම වැඩක් පහසුවෙන් සාර්ථක කරගත හැකි දිනයකි. කලා කටයුතු වලටද යෝග්‍ය දිනයකි. රැකියා හා ව්‍යාපාර ආශ්‍රිතව වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. නමුත් ඉවසීම හා කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙන දිනයකි. තරගකාරී කටයුතු වලටද යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය                                                ජය අංකය: 06

 මිථුන ලග්නය

පෙර පින ඉස්මතු වන දිනයකි. සියුම් සතුරු කරදර ඇතිවිය හැකි දිනයකි. නමුත් ඔබ අතගහන වැඩ කටයුතු වල සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. එබැවින් කල්පනාවෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. ඔබට වඩා උගත් මෙන්ම උසස් පුද්ගල ඇසුර ලැබෙන දිනයකි. වචන භාවිතයේදී ඉවසිලිවන්ත විය යුතු දිනයකි. සමාජ සේවා කටයුතු වලටද යෝග්‍ය දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                                    ජය අංකය: 07

කටක ලග්නය

ඔබේ සමීපමතයන්ට කරදර බාධා ඇතිවිය හැකි දිනයකි. නමුත් ඔබට ජයග්‍රහණ නොමදව අත්පත් කරගත හැකි දිනයකි. විදෙස්ගතවීමට තිබු හීන සැබෑ කරගත හැකි දිනයකි. සමහරවිටදි හේතුවක් නොමැතිව ප්‍රශ්න ඇතිවිය හැකි දිනයකි. එබැවින් වඩාත් කල්පනාකාරීව කෝපයෙන් තොරව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය                                                           ජය අංකය: 05

සිංහ ලග්නය

ව්‍යාපාර කටයුතු වලින් වෙනදට වඩා වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. වෘත්තිමය හැකියාව දියුණු වන දිනයකි. නමුත් ඔබේ අධ්‍යාපන කටයුතු වලට නම් තරමක බාධාකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. එබැවින් වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. ඔබේ වැඩ කටයුතු සියල්ල හොදින් සිතා බලා කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව සම්පාදනය කරගත යුතු දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                          ජය අංකය: 08

කන්‍යා ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වෙනදට වඩා වැඩි උනුන්දුවක් ලැබෙන දිනයකි. නමුත් කල්පනාවෙන් යුතුව වැඩ කටයුතු සම්පාදනය කරගන්න. මිතුරන්ගේ උදව් උපකාර ලැබෙන දිනයකි. සාමකාමිව, හොදින් සිතා බලා කටයුතු කරන දිනයකි. වැඩිහිටියන්ගෙන් මෙන්ම හිත මිතුරන්ගෙන් උදව් ලැබෙන දිනයකි. නමුත් කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම ඔබට වඩාත් වැදගත්.
ජය වර්ණය: ලා කහ පැහැය                                       ජය අංකය: 06

 

තුලා ලග්නය

අන් අය අතර ඔබ ගෞරවයට පාත්‍ර වන දිනයකි. කලා කටයුතු වලටද සුභ දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලින් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. කලා වැඩ කටයුතු වලට හොද ආරම්භයක් ලැබෙන දිනයකි. නමුත් තරමක් කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. උදව් උපකාර නොමදව ලැබෙන දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: විසිතුරු  පැහැය                                      ජය අංකය: 03

වෘශ්චික ලග්නය

 

තරමක ව්‍යාකුල මෙන්ම කාර්යබහුල විය හැකි දිනයකි. එබැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. ඔබේ පෞරුෂය මෙන්ම සමාජ තත්වය වෙනදට වඩා උසස් වන දිනයකි.වගකීම් වැඩි වන නිසාම තරමක කලබලකාරී ස්භාවයක් පෙන්නුම් කරන දිනයකි. නමුත් නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. නමුත් තම ගෞරවය රැකෙන පරිදි වඩාත් ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. වඩාත් ඉවසිල්ලෙන් හා  කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: රතු පැහැය                                             ජය අංකය: 07

 

ධනු ලග්නය

මනස නිරවුල්ව පවත්වාගත හැකි දිනයකි. නමුත් කල්පනාකාරී වන්න. ඔබේ කායික ශක්තිය ඉහල මට්ටමක පවතින දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලදී නම් ඔබ වෙනදට වඩා කලබලයකින් කටයුතු කළහැකි දිනයකි, එබැවින් කල්පනාකාරී වන්න. වැඩ කටයුතු වලින් සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. සෞඛ්‍ය තත්වය පිළිබඳව වඩාත්  සැලකිලිමත් වන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                                  ජය අංකය: 02

 

මකර ලග්නය

මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි එමෙන්ම තම සෞඛ්‍ය ගැනද වඩාත් සැළකිලිමත් විය. එබැවින් කල්පනාකාරී වන්න. නිසි සැලසුම් සහිතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබ අන් අය සමඟ කරන කටයුතු වලදී නම් ඔබ ප්‍රවේසම් විය යුතුයි. සැහැල්ලුවෙන් තීන්දු තීරණ ගැනීමට යොමුවිය යුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ලා රතු පැහැය                                 ජය අංකය: 05

 

 

කුම්භ ලග්නය

කලා කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයකි. එමෙන්ම කෘෂිකාර්මික හා ඉදිකිරීම් ආදී කටයුතු වලටද වඩාත් සුභ දිනයකි. ඔබේ ලැබීම් තත්වය ඉතාම උසස් දිනයකි. ආදායම් තත්වයද වඩාත් සුභ දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. සෞඛ්‍ය තත්වය පිළිබඳවද වෙනදට වදාඅ සැළකිලිමත් වන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                                ජය අංකය: 07

 

මීන ලග්නය

ඔබ කෙතරම් හොඳ දේවල් කරත් අන් අයගෙන් අපහාස විඳීමට සිදුවන දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. පාද හා දණහිස ආශ්‍රිත රෝග කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු දිනයකි. තමන් කරන කියන කටයුතු වලට වැඩියෙන් බාධා ඇතිවන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලදී නම් බාධාකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. එබැවින් තීන්දු තීරණ ගැනීමේදීද වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. සිහි කල්පනාවෙන් යුතුව මෙන්ම ඉවසිලිවන්තව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය                                           ජය අංකය: 07
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post