News Line| Off Air
Generic placeholder image

May
25

බාබක්‍යු නිසා පිළිකා අවධානම ඉහළට. ලොවම සසල කළ සොයා ගැනීම මෙන්න.

737 Views


බාබක්‍යු නිසා පිළිකා අවධානම ඉහළට. ලොවම සසල කළ සොයා ගැනීම මෙන්න.

යාළුවො එකතු වුනාම, උත්සවයකදී හරි විනෝද චාරිකාවක් ගියාම බාබක්‍යු දාන එක දැන් Trend එකක් වෙලා. මේ වෙද්දී ගොඩක් ගෙවල් වල බාබක්‍යු උඳුන් පවා තියෙනවා. හැබැයි මේ කියන්න යන්නේ අපි රස කර කර කන බාබක්‍යු වල මාරාන්තික පැත්තක් ගැන.

බාබක්‍යු උඳුන් අසල හිටියාම පිළිකා ඇති වීමේ අවධානමක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. චීන පර්යේෂණ කණ්ඩායමක් තමයි මේක හොයාගෙන තියෙන්නේ. බාබක්‍යු උඳුන් වලින් පිටවන දුමේ තියෙන “පොලිසයික්ලික් ඇරෝමැටික් හයිඩ්‍රොකාබන්” කියන රසායනිකය තමයි මේකට හේතු වෙලා තියෙන්නේ.

මේ දුම ආග්‍රහණය වෙලා පෙනහළු, පිත්තාශය සග සම ආශ්‍රිත පිළිකා ඇති වෙන්න පුළුවන්. පර්යේෂකයින් කියනා විදියට ඇමෙරිකානුවන්ගෙන් 70% බාබක්‍යු දුමට නිරාවරණය වෙනවා. බාබක්‍යු දුම අඩුවෙන් අග්‍රහණය වෙන්න නම් ඇඟ සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදියට ඇඳුම පළඳින්න ඕන. ඒ වගේම බාබක්‍යු හදලා ඉවර වුණාම ඒ ඇඳුම් ඉක්මනින් ඉවත් කරන්නත් අමතක කරන්න එපා.


News Articles
Latest Videos
Most Popular Post