News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
25

ගුවන් යානයේදී වෙරි වී ගුවන් සේවිකාවකට කරදර කල ව්‍යාපාරිකයා අත්අඩංගුවට.

679 Views


ගුවන් යානයේදී වෙරි වී ගුවන් සේවිකාවකට කරදර කල ව්‍යාපාරිකයා අත්අඩංගුවට.

සමහරුන්ට සූර් වුනාට පස්සේ ඉන්න තැන මතක නෑ. අහසේ හිටියත් ජම්ම ගති මතු වෙනවා. ඒ විදියේ සිදුවීමක් පහුගිය දා සිදු වෙලා තිබ්බා.

පහුගිය අඟහරුවාදා ඩුබායි ඉඳන් කටුනායකට ආව ගුවන් යානයක හිටිය ව්‍යාපාරිකයෙක් ගුවන් සේවිකාවන්ට අතවර කරන්න හදලා තියෙනවා. මුලින්ම මේ ව්‍යාපාරිකයා මිල අධික මත්පැන් ඉල්ලලා ගුවන් සේවිකාවක් එක්ක රණ්ඩු වෙලා තියෙනවා. පස්සේ ඒ ගුවන් සේවිකාව වෙනත් ගුවන් සේවිකාවක් අතේ මත්පැන් යවලා.

සැකකරු ඒ මත්පැන් ලබා ගන්නා අතරේ ගුවන් සේවිකාවගේ අතින් ඇදලා අතවර කරන්න හදලා තියෙනවා. ගුවන් යානය කටුනායකට ආවට පස්සේ ගුවන් සේවිකාවන් මේ බව ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දීලා. ආරක්ෂක අංශ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට අරගෙන පොලිසියට බාර දීලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post