කලින්ටත් වඩා මේ වෙද්දී ICC නීති රීති වැඩියි. ඒ ක්‍රීඩාවේ ගුණාත්මක භාවය රැක ගන්න. කොහොම වුනත් ICC යේ දැල් වලින් රිංගලා ගිහින් තහනම් වැඩ කරන අවස්ථාත් නැතුවම නෙවෙයි.
එකට හොඳම උදාහරණයක් තමයි ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින් පන්දුව පළුදු කරලා අහු වීම. මේ දවස් වල එංගලන්තයේ ටෙස්ට් තරඟාවලියක් සඳහා සහභාගී වෙලා ඉන්න පාකිස්තාන් කණ්ඩායමටත් තරඟ වංචා කිරීමේ චෝදන්වක් එල්ල වෙලා තියෙනවා.
ඊයේ පැවැත් වුන ටෙස්ට් තරඟයේ පළවෙනි දවසේදී පාකිස්ථාන ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඇපල් ස්මාර්ට් ඔරලෝසු පැළඳගෙන ක්‍රීඩා කරලා තියෙනවා. ICC දූෂණ මර්ධන නිලධාරීන් ඒ ඔරලෝසු තමන්ගේ භාරයට ගත්තා. ඒ වගේම ඔවුන්ට අවවාද කරලා තියෙනවා.
අසාද් ෂෆීක් සහ බාබර් අසම් තමයි මේ විදියට ස්මාර්ට් ඔරලෝසු පැළඳගෙන ක්‍රීඩා කරලා තියෙන්නේ. හැබැයි තරඟයෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවේදී පකිස්ථාන කණ්ඩායමේ නායක හසන් අලී කිව්වේ ඔවුන් ඔරලෝසු පැළඳගෙන ක්‍රීඩා කරනවා තමන් දන්නේ නෑ කියලා. ඒ වගේම ඉදිරියේදී ඒ වගේ උපකරණ කිසිම කෙනෙක් භාවිතා කරන්නේ නෑ කියලා ඔහු දැනුම් දුන්නා.
ICC නීති රීති අනුව සෑම තරඟයකට කලින්ම ක්‍රීඩකයන් සතුව තියෙන දුරකත සහ සියලුම සන්නිවේදන උපකරණ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට බාර දෙන්න ඕන.