බොලිවුඩයේ කිං ඛාන්, ශාරුක් ඛාන් දැන් දරුවෝ තුන්දෙනෙගේ තාත්තා කෙනෙක්. ඒ අතරින් ලොකු දුව සුහානා ඛාන් පහුගිය දවසක 18 වෙනි උපන් දිනය සැමරුවා. එදා දුව සුහානට සුභ පතලා ශාරුක් Twitter පණිවිඩයක් නිකුත් කරා.
දැන් ඔයා ලොකු ළමයෙක්, කැමති තරම් නිදහසේ පියාඹලා යන්න කියලයි ශාරුක් Tweet කරේ. මේ Tweet එක ගැන පහුගිය දවස් වල බොලිවුඩයේ එක එක කටකතා පැතිරුනා. හැබැයි ශාරුක් මේ නොකියා කියන්නේ සුහානට දැන් බොලිවුඩයට එන්න දොරවල් ඇරියා කියන එක කියලයි බොලිවුඩ් විචාරකයෝ නං කියන්නේ.
Like all daughters, I knew you were always meant for flying…and now u can also legally do what u have been doing since u were 16…!! Love u. pic.twitter.com/9ZRytlZDN2
— Shah Rukh Khan (@iamsrk) May 22, 2018