News Line| Off Air
Generic placeholder image

May
26

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය බුකී කරුවන්ට පවරා දෙන්න හදපු හැටි අද අල්ජසීරා රූපවාහිනිය ලෝකෙටම පෙන්වයි. (VIDEO)

2231 Views


ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය බුකී කරුවන්ට පවරා දෙන්න හදපු හැටි අද අල්ජසීරා රූපවාහිනිය ලෝකෙටම පෙන්වයි. (VIDEO)

ලංකාවේ තියෙන ලස්සම ක්‍රිකට් ක්‍රීඩාංගනයක් තමයි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය. එ් වගේම ලංකාවට වාසි දායක ක්‍රිකට් පිටියක් විදියටත් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ප්‍රසිද්ධයි. හැබැයි ගාලු පිටිය බුකීකරුවන්ට පවා දෙන්න හැදු මහා පාවාදීමක් අතටම හසුකර ගෙන තියෙනවා.

අල්ජසීරා රූපවාහිනියේ මාධ්‍යවේදියෙක් තමයි මේ පාවාදීම හසු කර ගෙන තියෙන්නේ. ඔහු ව්‍යාපාරිකයෙක් විදියට වෙස්වලාගෙන හිටපු ඉන්දීය ක්‍රීඩකයෙක් සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ සහය කළමණාකරු හමු වෙලා තියෙනවා. ලක්ෂ 60 ක මුදලකට පිටිය බුකීකරුවන්ට ඕන විදියට වෙනස් කරන්න සහය කළමණාකරු කැමති වෙලා.

මේ ගනුදෙනුවට ලංකාවේ දේශීය ක්‍රිකට් තරඟ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකුත් සහය දීලා තියෙනවා. කොහොම වුනත් මේ ගනුදෙනුවේ සියලු අවස්ථා අල්ජසීරා මාධ්‍යවේදියා වීඩියෝ කරලා. එ් වීඩියෝ පට සමඟින් වංචා හෙළිකරන විශේෂ වැඩසටහනක් අද රාත්‍රියේදී අල්ජසීරා රූපවාහිනිය විකාශය කරන්න නියමිතයි.

https://youtu.be/Oad1qWy-ir0


News Articles
Latest Videos
Most Popular Post