News Line| Off Air
Generic placeholder image

May
26

පියා අහිමි වූ ධනංජයව සනසන්න මහේල සහ මාලිංග එයි (VIDEO / PHOTOS)

1796 Views


පියා අහිමි වූ ධනංජයව සනසන්න මහේල සහ මාලිංග එයි (VIDEO / PHOTOS)

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ තාත්තා තමයි කේ.රන්ජන් ද සිල්වා කියන්නේ. ඔහු දෙහිවල – ගල්කිස්ස නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙක්. පෙරේදා රෑ නාඳුනන පිරිසකගේ වෙඩි තැබීමකින් ඔහුට ජීවිතය අහිමි වුණා. ඒ නිසා ධනංජය ද සිල්වාට සහභාගිවීමට තිබුන කොදෙව් සංචාරය අවලංගු කරන්නත් සිද්ධ වුණා.

ධනංජයගේ පියාගේ අභාවය සම්බන්ධයෙන් ලොව පුරාම ඔහුගේ ප්‍රේක්ෂකයන්, හිතවතුන් වගේම ක්‍රිකට් ලෝකයේ තරු රැසක් සංවේගය පළ කරලා තිබුනා. ඒ අතරෙන් ඔහුත් එක්ක එකතුවෙලා දුක බෙදාගන්න, ප්‍රවීණ ක්‍රීඩක දෙපලක් වන මහේල ජයවර්ධන සහ ලසිත් මාලිංග ඊයේ ධනංජයගේ ගෙදරට ආවා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක.

දර්ශණ අනුග්‍රහය: ජාතික රූපවාහිනිය


News Articles
Latest Videos
Most Popular Post