News Line| Off Air
Generic placeholder image

May
26

ප්‍රවීණ නිළි සුසිලා කෝට්ටගේ සනීප වෙලා ගෙදර ඇවිත් කියපු කතාව

2681 Views


ප්‍රවීණ නිළි සුසිලා කෝට්ටගේ සනීප වෙලා ගෙදර ඇවිත් කියපු කතාව

ප්‍රවීණ නිළි සුසිලා කෝට්ටගේ අසනීප වෙලා කියන පුවත පහුගිය දවස්වල අන්තර්ජාලයේ පැතිර ගිය ප්‍රමුඛ පුවතක් වුණා. මේ ගැන රසික පිරිස හොයන්න උනන්දු වුණා. ඒ නිසාම පහුගිය දවසක සති අන්ත පුවත්පතක් ඇය එක්ක මේ විදිහට කතාබහක යෙදිලා තිබුණා.

අඳුනන නාඳුනන ගොඩාක් අය මේ ප්‍රවෘත්තිය දැනගෙන මට කෝල් කළා. සමහරු ගෙදරටත් ආවා. ඒ හැමෝගෙම ප්‍රතිචාර දකිද්දී මට හිතුණා මිනිස්සු මට කොයි තරම් ආදරෙයිද කියලා. තවත් කාලයක් ජීවත් වෙන්න ඒ ආදරය මට ශක්තියක් වුණා. මට වෙච්ච දේ කියන්නම්. පහුගිය 10 වැනිදා ඉඳන් මගේ ඇඟට වෙනසක් දැනුණා. ඒත් මම ගණන් ගත්තේ නැහැ. 11 වැනිදා මට හෘදයාබාධ තත්ත්වයක් ඇති වුණා. හොඳ වෙලාවට රහල් (සැමියා) ගෙදර හිටියා. රහලුයි වටාපිටාවේ අයයි එකතුවෙලා ඒ වෙලාවෙම මාව රෝහලට අරගෙන ගියා.

#දවස් කීයක් රෝහ‍ලේ හිටියාද?
කොළඹ ජාතික රෝහ‍ලේ 61 වැනි වාට්ටුවේ දවස් 4ක් හිටියා. ඊට පස්සේ ටිකට් කපාගෙන ගෙදර ආවා.

#දැන් සම්පූර්ණයෙන් සුව වෙලාද ඉන්නේ?
වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව මේ දවස්වල විවේකයෙන් ඉන්නවා. බෙහෙත් එහෙමත් බොනවා.

#එතකොට බාරගත් නිර්මාණවලට මොකද වුණේ? තාවකාලිකව නතර කළාද?
ටෙලි නාට්‍යයක රූගත කිරීම් හා වේදිකා නාට්‍ය දෙකක පුහුණුවීම් තියෙනවා. මෙගා ස්ටාර් වැඩසටහනටත් මා සම්බන්ධ වෙලා හිටියා. ඒ නිසා පසුගිය දවස්වල මම ටිකක් වැඩිපුර වෙහෙසුනා. ඒත් දැන් නම් මට හැමදෙනාම විවේකය ලබාදීලයි තියෙන්නේ. ඒ නිසා ටික දවසකට රඟපෑම නතර කළා.

#ඇති වූ රෝගී තත්ත්වය නිසා සුසිලා මානසිකවත් වැටෙන්න ඇති නේද?
ඔව්. ඒත් මම තනි වුණේ නැති හින්දා මට හිත හදාගන්න හයිය ලැබුණා. කොළඹ ජාතික රෝහ‍ලේ 61 වාට්ටුවේ නිමාලි ප්‍රනාන්දු වෛද්‍යතුමිය හා සමස්ත කාර්ය මණ්ඩලය පුදුමාකාර සහයක් මට ලබා දුන්නා. කලා ලෝකයේ අයයි, මගේ හිතවතුනුයි මාව බලන්න ආවා. නාඳුනන අයත් ආවා. සමහරු දුරකථනයෙන් කතා කළා. ගෙදරටත් එන අය ඉන්නවා. ඒ ආදරණීය ප්‍රතිචාර හින්දා ලොකු හයියක් හිතට ඇති වුණා.

#රසික පිරිස කැමති වේවි ඔබගේ වර්තමාන තත්ත්වය ගැනත් දැන ගන්න?
දැන් නම් හොඳයි. ඒත් තව පරීක්ෂණ වගයක් කරන්න තියෙනවා. ඊට පස්සේ පුරුදු විදියටම කලා කටයුතුවලට දායක වෙනවා කියලා රසික පිරිසට කියන්න.

 


News Articles
Latest Videos
Most Popular Post