News Line| Off Air
Generic placeholder image

May
27

IPL අවසන් සටනේ වැඩි වාසි කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

1081 Views


IPL අවසන් සටනේ වැඩි වාසි කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

ලක්ෂ සංඛ්‍යාත ක්‍රිකට් රසිකයන් ඇඟිලි ගනිමින් හිටිය දවස අද. ලෝක කුසලාන අවසන් මහා තරඟයට විතරක් දෙවෙනි වෙන IPL අවසන් මහා තරඟය අද පැවැත් වෙනවා. ඒ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර.

තරඟය පැවැත් වෙන්නේ මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගනයේ. හවස 7 ට තරඟය ආරම්භ වෙනවා. චෙන්නායි කණ්ඩායමට මහේන්ද්‍ර සිං දෝනි සහ හයිද්‍රාබාද් කණ්ඩායමට කේන් විලියම්සන් නායකත්වය දෙනවා. අවසන් මහා සටනට කලින් අද තරඟයේ වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා.

අවසන් වරට කණ්ඩායම් 2 මුණගැහුන තරඟ 5 ම චෙන්නායි කණ්ඩායම් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ වගේම මේ අවුරුද්දේ කණ්ඩායම් දෙකම අවස්ථා 3 කදී මුණගැහුනා. චෙන්නායි කණ්ඩායම ඒ තරඟ 3 ම ජයග්‍රහණය කරන්න සමත් වුණා.

චෙන්නායි කණ්ඩායම 2008 ඉඳලා මේ දක්වා අවස්ථා 2 කදී IPL ශූරතාවය දිනාගෙන තියෙනවා. ඒ වගේම අවස්ථා 4 කදී ශූරයන් වෙලා තියෙනවා. පහුගිය අවුරුදු 2 දී චෙන්නායි කණ්ඩායම තරඟ තහනමකට ලක්වෙලා හිටියා. ඊට පස්සේ මේ ඔවුන් ආයෙත් IPL පිටියට ආවේ.

හයිද්‍රාබාද් කණ්ඩායම 2016 දී IPL ශූරතාවය දිනා ගත්තා. ගිය අවුරුද්දේ 4 වෙනි ස්ථානයෙන් ඔවුන්ට සැහීමකට පත් වෙන්න සිද්ධ වුණා. කොහොම වුනත් IPL ඉතිහාසයේ සීඝ්‍ර දියුණුවක් ලබා ගත්ත විදියට හයිද්‍රාබාද් කණ්ඩායම නම් කරන්න පුළුවන්.

කොහොම වුනත් ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. අවසන් පන්දුවාරයේදී තරඟය උඩු යටිකුරු වෙන්න පුළුවන්. ඒ නිසා කවුරු ජය ගනීද කියන්න දැන්ම වෙලා වැඩියි.


News Articles
Latest Videos
Most Popular Post