News Line| Off Air
Generic placeholder image

May
27

ඇමති දුමින්ද, තෙවරප්පෙරුමගෙන් සමාව ඉල්ලයි.

1315 Views


ඇමති දුමින්ද, තෙවරප්පෙරුමගෙන් සමාව ඉල්ලයි.

පහුගිය දා කළුතර තිබ්බ අපදා කළමනාකරණ පෙරහුරුවක් නිසා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අපහසුතාවයට පත්වුණා. ඇත්තටම ආපදා තත්වයක් ඇති වෙලා කියලා හිතපු තෙවරප්පෙරුම මහතා යන්න හිටිය ගමනත් නවත්තලා එතන හිටිය රෝහීන්ට උදව් කරන්න ගියා. හැබැයි පස්සේ තමයි දැනගත්තේ මේක පෙරහුරුවක් කියලා.

මේ වදෙන් හොඳටම කේන්ති ගිය තෙවරප්පෙරුම මහතා එතන හිටිය අපදා කළමනාකරණ ඒකකයේ නිලධාරීන්ට පලු යන්න බැන්නා. මාධ්‍ය සංදර්ශන කරන්නේ නැතුව රෝහලට ඇවිත් හිටිය රෝගීන්ට ප්‍රතිකාර කරන්න කියලා එතුමා කිව්වා. ඊයේ වුන මේ සිදුවීමට අපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගෙන් සමාව ඉල්ලුවා.

ඒ අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තිබ්බ මාධ්‍ය හමුවකදී. “පාලිත තෙවරප්පෙරුම අමාත්‍යවරයා සෑම විටකදීම මහපාරේ යම් සිදුවීමක් දුටු විට ඔහු ඒ ගැන සොයා බලනවා. ඊයේ (25) දිනයේදීත් පෙරහුරුව අතර වාරයේදී තෙවරප්පෙරුම අමාත්‍යවරයා සිදුකලේ ඒක, යම් හෙයකින් එම අවස්ථාවෙදි අමාත්‍යවරයා අපහසුතාවයට ලක්වුවා නම් ඒ පිලිබදව සමාව අයදිනවා.” කියලා අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී කිව්වා.

මීට පස්සේ කරන පෙරහුරු ගැන තෙවරප්පෙරුම මහතාට දැනුම් දෙනවා කියලත් අමාත්‍යවරයා ප්‍රකාශ කරා. මේ වගේ පෙරහුරු පවත්වන්නේ හදිසි අවස්ථාවක ක්‍රියා කලයුතු ආකාරය ගැන දැනුවත් කිරීම මිසක මාධ්‍ය සංදර්ශන පවත්වන්න නෙවෙයි කියලා එතුමා වැඩි දුරටත් සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post