ලංකාව කියන්නේ විශිෂ්ටයන්ගේ පාරාදීසයක්. ක්‍රීඩාවෙන්, කලාවෙන් වගේම විදයාවෙනුත් ඇති දක්ෂයන් ලංකාවේ ඉන්නවා. මේ කියන්න යන්නේ ඒ වගේ පුංචි දක්ෂයෙක් ගැන.
පහුගිය දා ඇමෙරිකාවේ තිබ්බ අන්තර්ජාතික විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනයේදී ලෝකයේ විශිෂ්ට විද්‍යාඥයින්ගෙන් පසුම් ලබන්න අපේ රටේ පුංචි විද්‍යාඥයෙක් සමත් වුණා. ඔහු තමයි හලාවත ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන කේ. ආර්. රුමල් ඉඳුවර. ඉඳුවර තාම ඉගෙන ගන්නේ 11 වසරේ. හැබැයි ඔහුගේ දස්කම් නම් ලෝකයේ විශිෂ්ට විද්‍යාඥයින් පවා පුදුම කරන්න සමත් වුණා.
ඉඳුවර ඩෙංගු මදුරුවා කීට අවස්ථාවේම විනාශ කරන්න පුළුවන් බැක්ටීරියාවක් හොයා ගත්තා. ඔහු පියා එක්ක පුදුකුඩුඉරිප්පු ගිය වෙලාවක තමයි මේ සොයා ගැනීම කරලා තියෙන්නේ. පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ ලංකාවේ අනිත් ප්‍රදේශ තරම් මදුරුවෝ නෑ කියලා ඉඳුවර හොයාගත්තා. ඒ ගැන හොයන්න පුදුකුඩුඉරිප්පුවේ දිය කඩිතිවල ජාල සාම්පල් පරික්ෂා කරලා තියෙනවා.
එතකොට තමයි ඔහු මේ බැක්ටීරියාව හොයාගෙන තියෙන්නේ. ඔහුගේ මේ ව්‍යාපෘතිය ජාතික විද්‍යා පදනම මඟින් ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පීටර්ස්බර්ග් නගරයේ තිබ්බ අන්තර්ජාතික විද්‍යා හා ඉංජිනේරු ප්‍රදර්ශනයට යැව්වා. එහිදී ලෝකයේ ඉහළම විද්‍යාඥයින් සහ නොබෙල් සම්මාන ලාභීන් මේ ව්‍යාපෘතිය පිරික්සා බලලා තියෙනවා.
අවසානයේදී ඔවුන් ඉඳුවරගේ කල්පිතය පළිගෙන ජීව අනුක විද්‍යා අංශයෙන් ලෝකයේ තුන්වෙනි ස්ථානය ලබා දුන්නා. ඒ වගේම ලෝකය වටෙන්ම ආව විද්‍යාඥයින් ඉඳුවරගේ ව්‍යාපෘතිය ඉහළින්ම අගය කරා. ඔවුන් සතුව තිබු වටිනා පදක්කම් ඉඳුවරට දුන්නේ ඔහුගේ ව්‍යාපෘතිය අගය කිරීමක් විදියට. රටවල් 70 ක තරඟකරුවන් 1794 ක් පහුකරමින් තමයි ඉඳුවර මේ ජයග්‍රහණය ලබා ගත්තේ.