News Line| Off Air
Generic placeholder image

May
28

තරඟාවලියේ වීරයා සුනිල නරායින්. Orange Cap එක විලියම්සන්ට. IPL තරඟාවලියේ සුපිරිම ක්‍රීඩකයෝ මෙන්න.

2287 Views


තරඟාවලියේ වීරයා සුනිල නරායින්. Orange Cap එක විලියම්සන්ට. IPL තරඟාවලියේ සුපිරිම ක්‍රීඩකයෝ මෙන්න.

2018 IPL තරඟාවලිය අවසන් වුණේ චෙන්නායි කණ්ඩායම ශූරතාවය දිනා ගෙන. IPL තරඟාවලියේ ශූරතාවය විතරක් දීලා නිකන් ඉන්නේ නෑ. විවිධ අංශවලින් දස්කම් දක්වපු ක්‍රීඩකයන් තෝරලා සම්මාන ලබා දෙනවා. මේ කියන්න යන්නේ 2018 IPL තරඟාවලියේ සුපිරිම ක්‍රීඩකයන් ගැන.

2018 IPL තරඟාවලියේ ක්‍රීඩකයා විදියට සම්මාන ලබා ගත්තේ සුනිල නරායින්. තරඟාවලිය පුරා ලකුණු 735 ක් ලබා ගත්ත කේන් විලියම්සන් වැඩිම ලකුණු ලාභියාට දෙන Orange Cap එක දිනා ගත්තා. වැඩිම කඩුලු ලාභියාට දෙන Purple Cap එක දිනා ගත්තේ ඇන්ඩෘ ටයි. ඔහු කඩුලු 24 ක් දවා ගෙන තිබුණා.

තරඟාවලියේ සුපිරිම ප්‍රහාරකයා විදියට සම්මාන ලබා ගත්තේ සුනිල් නරායින්. 2018 IPL තරඟාවලියේ Stylish Player විදියට සම්මාන ලබා ගත්තේ රිෂාඩ් පාන්ට්. 2018 IPL තරඟාවලියේ සුපිරිම උඩ පන්දුව රැකගත් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ ට්‍රෙන්ට් බෝල්ට්.

නැගී එන ක්‍රීඩකයා විදියට සම්මාන දිනා ගත්තේ රිෂාඩ් පාන්ඩ්. IPL Fairplay award එක දිනා ගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම.


News Articles
Latest Videos
Most Popular Post