ලෝක කුසලාන මහා තරඟයට විතරක් දෙවෙනි වන IPL මහා තරඟය ඊයේ පැවැත් වුණා. ඒ Sunrisers Hyderabad සහ Chennai Super Kings කණ්ඩායම් අතර. තරඟය පැවැත් වුණේ මුම්බායි වැන්කඩේ ක්‍රීඩාංගනයේදී. අවසන් මහා තරඟයේ වාර්තාගත දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්න චෙන්නායි කණ්ඩායම සමත් වුණා.
මුලින්ම පන්දුවට දුන්නේ හයිද්‍රාබාද් කණ්ඩායම. ඔවුන් කඩුලු 6 ක් දැවී ලකුණු 178 ක් ලබා ගත්තා. ධවාන් ලකුණු 26 යි. නායක විලියම්සන් ලකුණු 47 ක් ලබා ගත්තා. 4 පහර 5 ක් සහ 6 පහර 2 ක් ඔහුගේ ඉනිමට ඇතුලත් වුණා. ෂකිබ් අල් හසන් ලකුණු 23 යි. යූසුෆ් පතාන් නොදැවී ලකුණු 45 ක් ලබා ගත්තා. ජඩේජා, බ්‍රාවෝ, තාකුර්, ෂර්මා සහ ලුන්ගි කඩුල්ල දවා ගත්තා.
පිළිතුරු ඉනිම කළ චෙන්නායි කණ්ඩායමට ලබා දෙන්න වොට්සන් සමත් වුණා. රයිනා ලකුණු 32 යි. IPL අවසන් මහා තරඟ ඉතිහාසයේ සුපිරිම ඉනිම කරන්න ෂේන් වොට්සන් සමත් වුණා. ලකුණු 117 ක් ලබා ගත්තා. ඒ පන්දු 57 කදී. ඔහුගේ ඉනිම පිටිය සිසාරා 4 ගිය පහර 11 කින් සහ දැවැන්ත 6 පහර 8 කින් වර්ණවත් වුණා.
කඩුලු 2 ක් විතරයි චෙන්නායි කණ්ඩායමට ජයග්‍රහණය සඳහා වැය වුණේ. තරඟයේ වීරයා ෂේන් වොට්සන්.