අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ බොහොම සරල ජීවිතයක් ගත කරන්න කැමති කෙනෙක්. ඉඩක් ලැබෙන හැම වෙලාවකම කරන අපූරු විනෝදාංශ කිහිපයක් තියෙනවා. ඒ වගේම පැණි රස කෑම වලටත් ගොඩාක් කැමති කෙනෙක්.
යාපනයේ යන හැම වෙලාවේම අගමැතිතුමා කරන දෙයක් ගැන සමන් අතාවුදහෙට්ටි මහතා හෙළිකරා. අගමැතිතුමා යාපනයට ගියොත් රියෝ අයිස්ක්‍රීම් කන්න අනිවාර්යෙන් යනවලු. එතුමා රියෝ අයිස්ක්‍රීම් කන්න හරිම ආසයි කියලයි අගමැතිතුමාගේ ළඟම හිතවතුන් කියන්නේ.
අවුරුදු 30 ක් තිස්සෙම යාපනයට ගියොත් රියෝ අයිස්ක්‍රීම් කන්න අමතක කරන්නේ නෑ කියලයි සමන් අතාවුදහෙට්ටි මහතා කියන්නේ. පහුගිය දවසකත් යාපනයට ගිය අගමැතිතුමා යාපනයේ රියෝ අයිස්ක්‍රීම් කන්න ගියා. එතනට ඇවිත් හිටිය අප්පලා, අම්මලා, අන්නලා, තම්බිලා, තංගච්චිලා එක්ක කතා බහ කරන ගමන් අගමැතිතුමා අයිස්ක්‍රීම් වල රස බැලුවා කියලයි සමන් මහතා අපිට කිව්වේ.
මේ තියෙන්නේ අගමැතිතුමා පහුගිය දා යාපනයේ රියෝ අයිස්ක්‍රීම් කන්න ගිය අවස්ථාවේ ඡායාරූප.