අද ලග්න දෙකක් ඉවසීමෙන් කටයුතු කරන්න ඕන දවසක්. ඔබේ කොහොමද කියල මෙතනින් බලන්න.
546 Views
අද 2018 මැයි මස 29 වන අඟහරුවාදා
රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.14 සිට 04.48 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.00 සිට 04.26 දක්වා
සුභ දිශාව: නැගෙනහිර
මේෂ ලග්නය

නොදන්නා ය සමඟ කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ගත කරන්න. කලා කටයුතු වලට මෙන්ම නිර්මාණ කටයුතු වලටද සුභ දිනයකි. නිවැරදි තීරණ ගැනීමට වග බලාගත යුතු දිනයකි. දුර දිග බලා කටයුතු කිරීමේ ශක්තියද මනාව පවතින දිනයකි. සමාජයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහැකි දිනයකි. මතභේද වලින් තොරව දිනය ගත කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 08
වෘෂභ ලග්නය

බොහෝ සංකීර්ණ දේවල් වදටැහැ සරලව විසඳිය හැකි දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබට එන අභියෝගයන් හමුවේ සාර්ථකව කටයුතු කිරීමේ හැකියාව පවතින දිනයක් වන අතර අන් අය අතර වැඩි ජනප්‍රියත්වයක් පවතින දිනයකි. මැහුම් ගෙතුම් වැඩ කටයුතු වලටද සුභ දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා තැඹිලි පැහැය ජය අංකය: 07
මිථුන ලග්නය

නිසි තීරණ මත කටයුතු කළහැකි දිනයකි. වෙනදට වඩා ඔබේ හැකියාවන් ඉස්මතු කරගැනීමේ හැකියාව පවතින දිනයකි. නව නිර්මාණ වැඩ කටයුතු වලටද සුභ දිනයකි. ලේඛන කටයුතු වලින් වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. ආමාශගත රෝග වලින් ප්‍රවේසම් විය යුතු දිනයකි. ආගමනුකුලව හා ව්‍යායාම තුලින් දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 06
කටක ලග්නය

ගැඹුරෙන් යුතුව සිතන, කටයුතු කරන දිනයකි. අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමටද සුභ දිනයකි. අන් අය අතර ඔබට සාමය පතුරුවන දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. අන් අය අතර ඔබ ජනප්‍රිය වන දිනයකි. කල්පනාවෙන් යුතුව නිහඬව තම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යා හැකි දිනයකි. විවාහ අපේක්ෂාවෙන් සිටි අයට සුභ දිනයකි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය ජය අංකය: 05
සිංහ ලග්නය

පාලනයට වැඩි හැකියාවක් පෙන්වන දිනයකි. තම සේවකයන්ගෙන් වැඩි ආදරයක් ලැබෙන දිනයකි. එමෙන්ම මනා පෞරුෂයකින් කටයුතු කළහැකි දිනයකි. නිසි තීරණ ගැනීමේ හැකියාවද පවතින දිනයකි. මනා පාලනයකින් යුතුව ඔබේ වැඩ කටයුතු සම්පාදනය කරගන්නා දිනයකි. උසස් අය සමඟ කටයුතු කිරීමටද අවස්ථාව උදාවන දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 04
කන්‍යා ලග්නය

ව්‍යාපාර කටයුතු වලට ඉතාම සුභ දිනයකි. පවුලේ අය සමඟ ගෙවන දිනයකි. ඔබ තීන්දු තීරණ ගැනීමේදී වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. කතාවෙන් එන අයව වසඟ කරගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. අඩුවෙන් කතාව පවත්වාගෙන යන්න. පින් දහම් කටයුතු වලටද වැඩියෙන් යොමුවන දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 03
තුලා ලග්නය

කලාතුරකින් උදාවන පින්වන්ත දිනයකි. පුණ්‍ය කටයුතු වලට වෙහෙසෙන්න. ඔබේ යහපත් ගුණාංග මතුවන දිනයකි. ආදායම් තත්වය ඉතාම සුභ දිනයකි. නිසි තීරණ ගැනීමේ ශක්තිය පවතින දිනයකි. තැනට සුදුසු නුවනින් කටයුතු කිරීමට වග බලාගන්න. සියලුම ව්‍යාපාර කටයුතු වලටද යෝග්‍ය දිනයකි. යහපත් මිතුරන් ඇතිවන දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 02
වෘශ්චික ලග්නය

පවුලේ සාමය ඇතිවන දිනයකි. සුවපහසුව කටයුතු කළහැකි දිනයකි. මනා ඉවකින් යුතුව කටයුතු කිරීමේ ශක්තිය පවතින දිනයකි. තමාගේ වැරදි නිවැරදි කරගෙන කටයුතු කළහැකි දිනයකි. රැකියා වල මෙන්ම ව්‍යාපාර කටයුතු වලින්ද දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. තියුණු නුවනින් යුතුව, මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. කතාවෙන්, තර්කයෙන් සියල්ල ජය ගත හැකි දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 01
ධනු ලග්නය

කෝපයෙන් වැඩ කටයුතු කළහැකි දිනයකි. එමගින් නම් ඔබට අවාසි වෙන දිනයකි. යහපත් සිතුවිලි වර්ධනය කරගන්න. පුණ්‍ය කටයුතු වලට වෙහෙසෙන්න. වැඩ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් නිතරම සිහි කල්පනාව තීව්‍ර කරගන්න. ආගමනුකුලව ආරම්භ කරන්න.
ජය වර්ණය: ගුරු පැහැය ජය අංකය: 03
මකර ලග්නය

සිත පාලනය කරගත යුතු දිනයකි. අනවශ්‍ය ගමන් බිමන් නවතා දමන්න. පාලන ශක්තිය නම් මනාව පවතින දිනයකි. තීරණ ගැනීමේදී වඩාත් සාර්ථක වන දිනයකි. නිතරම හොදින් සිතා බලා කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න. කෞතුක භාණ්ඩ වලටද වැඩි ඇල්මක් දක්වන දිනයකි. නව නිර්මාණ කටයුතු වලට නම් සුභ දිනයකි. හදිසි ධන ලාභ ලැබෙන දිනයකි. තම සෞඛ්‍ය ගැන නම් වෙනදට වඩා ප්‍රවේසම් විය යුතු අතර සිදුවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට වග බලාගත යුතු දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 02
කුම්භ ලග්නය

අධ්‍යාපන වැඩ කටයුතු වලට ඉතාම සුභ දිනයකි. එමෙන්ම සූක්ෂම වැඩ කටයුතු වලට ඉතාම දස්කමක් පෙන්වන දිනයකි. නව රැකියා අවස්ථා ලබාගත හැකි දිනයකි. මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. අලුතින් යහපත් මානව සම්බන්ධතා ඇතිකරගත හැකි දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 01
මීන ලග්නය

විචක්‍ෂණශීලි කටයුතු කළහැකි දිනයකි. ඔබ යම් ශීලයකට අනුව කටයුතු කිරීමට සිතට ගන්න. සතුරු කරදර ඇතිවිය හැකි දිනයකි. සංකීර්ණ දේවල් වඩාත් සරලව අන් අයට පහදා දෙන දිනයකි. මානසික සතුට ලබාගත හැකි දිනයකි. ඔබේ වැඩ කටයුතු කල්පනාවෙන් යුතුව නිසි සැලසුම් සහිතව සම්පාදනය කරගන්න. දුර දිග බලා ඔබ කටයුතු කරන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු නිසි සැලසුම් සහගතව සම්පාදනය කරගන්න.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය ජය අංකය: 09
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන: 011 50 10 829