ලෝකයේම අවධානය දිනගෙන විවාහ වුන හැරී සහ මේගන් තාමත් මධුසමයට ගියේ නෑ. ඒ වුනත් ලෝකයම බලාගෙන ඉන්නේ ඔවුන් මධුසමය ගත කරන්න කොහේට යාවිද කියලා. ආරංචි වෙන විදියට නම් ඔවුන් කැනඩාවට තමයි මධුසමය ගත කරන්න යන්න ඉන්නේ.
කැනඩාවේ Alberta වල තියෙන Fairmont Jasper Park එක තමයි හැරී සහ මේගන් මධුසමය ගත කරන්න තෝරාගෙන තියෙන්නේ. කැනඩාවේ තියෙන විශාලතම ජාතික වනෝද්‍යානය විදියට Jasper National Park හඳුන්වනවා.
මේ ස්ථානයට මීට කලිනුත් බ්‍රිතාන්‍ය රාජකීයන් ඇවිල්ල තියෙනවා. 1939 දී 4 ජෝජ් රජතුමා සහ එලිසබත් රැජිනගේ මව Fairmont Jasper Park එකට ඇවිත් තියෙනවා. ඒ වගේම 2005 දී එලිසබත් රැජින සහ පිලිප් කුමරු මේ ස්ථානයට ඇවිත් තියෙනවා.
Jasper National Park එකේ අධි සුඛෝපභෝගී පහසුකම් තියෙන චාබින් තියෙනවා. එයින් එකක තමයි අලුත් රාජකීය යුවළ නවාතැන් ගන්න හදන්නේ. මේ තියෙන්නේ Jasper National Park එකේ ඡායාරූප කිහිපයක්.