News Line| Off Air
Generic placeholder image

May
29

ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවෙක් ජිවිත 240 ක් බේර ගනී.

1218 Views


ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවෙක් ජිවිත 240 ක් බේර ගනී.

පහුගිය කාලය පුරාම ගුවන් යානා අනතුරු ගැන නිතර නිතර අහන්න ලැබුණා. ගුවන් යානා අනතුරු නිසා මේ අවුරුද්දේ විතරක් විශාල ජිවිත ගණනක් අහිමි වුණා. ගුවන් යානයක් ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම අයහපත් කාලගුණයක් තියෙන වෙලාවට ගුවන් යානයක් පදවන එක ඊටත් වඩා අමාරුයි.

වෙන්න ගිය මහා විනාශයක් වළක්වාගෙන ගුවන් යානයේ හිටිය 240 කගේ ගත්ත ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවෙක් ගැන අපිට වාර්තා වුණා. ඉන්දියාවේ කොචින් අන්තර්ජාතික ගුවන් තොටුපලට ගොඩබාන්න ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයිති ගුවන්යානයක් තමයි අනතුරට ලක් වෙන්න ගිහින් තියෙන්නේ. මේ වෙලාවේ අධික වැසි සහ දැඩි සුළං සහිත කාලගුණයක් තිබිලා තියෙනවා.

හුවන් යානය ගොඩ බාද්දී එක වරම ගුවන් පථයේ පැත්තකට ලිස්සා ගිහින් තියෙනවා. හැබැයි ගුවන් යානයේ නියමුවා ලොකු වෙහෙසක් දරලා යානය නැවතත් ගුවන් පථයට අරගෙන නිරුපද්‍රිතව ගොඩ බාලා තියෙනවා. ගුවන් යානය ගුවන් පථයේ තිබ්බ විදුලි පහන් කිහිපයකත් ගැටිලා ඒවා විනාශ වෙලා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයිති U.L.167 දරණ ගුවන් යානය තමයි මේ අනතුරට මුහුණ දුන්නේ. මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදනය කරපු A-330 වර්ගයේ යානයක්. යානය ගොඩ බස්වන වෙලාවේ මඟීන් 228 ක් සහ කාර්යමණ්ඩලය 12 ක් ඉඳලා. හැබැයි අනතුරින් කාටවත් හානියක් සිද්ධ වෙලා නෑ.


News Articles
Latest Videos
Most Popular Post