News Line| Off Air
Generic placeholder image

May
29

අද හවසට බස් එකේ ගෙදර යන්න. දුම්රිය වෘත්තීය සමිති මඟීන්ට දැනුම්දෙයි.

618 Views


අද හවසට බස් එකේ ගෙදර යන්න. දුම්රිය වෘත්තීය සමිති මඟීන්ට දැනුම්දෙයි.

අද හවස ඉඳන් වැඩවර්ජනයක් ආරම්භ කරන්න දුම්රිය සේවකයින් පිරිසක් තීරණය කරලා තියෙනවා. ඒ දුම්රිය තාක්ෂණික සේවා වෘත්තිය සමිති කමිටුව තමයි වැඩවර්ජනය කරන්න හදන්නේ. පැය 48 ක වැඩවර්ජනයක් කරනවා කියලයි ඔවුන් දැනුම් දුන්නේ.

අද හවස 4 ඉඳලා 31 වෙනිදා හවස 4 වෙනකන් වැඩවර්ජනය ක්‍රියාත්මක වෙනවා. දුම්රිය දෙපාර්තුමේන්තුවේ ශ්‍රේණි 5 ක් සඳහා ලබා දීලා තියෙන වැටුප් වැඩි වීමට අදාලවයි මේ වර්ජනය කරන්නේ.

දුම්රිය දෙපාර්තුමේන්තුවේ සමස්ථ සේවකයින් සඳහා 12% ක වැටුප් වැඩිවීමක්, දිරි දීමනාවක් සහ පැය 8 ක වැඩ දිනය තහවුරු කිරීම යන කරුණු මේ වැඩ වර්ජනය මුල් වෙලා තියෙනවා. මේ වැඩවර්ජනයට දුම්රිය ස්ථාන, ධාවනාගාර, අංගන ඇතුළු දුම්රිය සේවයට සම්බන්ධ සේවකයින් 12,000 ක් පමණ එක වෙන්න නියමිත වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post