News Line| Off Air
Generic placeholder image

May
29

ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අඩු වෙයි.

1328 Views


ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අඩු වෙයි.

ලෝක වෙළඳපලේ ඉන්ධන මිල අහස උසට නැගපු නිසා ලංකාවෙත් ඉන්ධන මිල ඉහළ ගියා. එත් එක්කම බස් ගාස්තු ඇතුළු තවත් භාණ්ඩ සහ සේවා කිහිපයකම මිල ඉහළ ගියා. හැබැයි ඊයේ ආයෙත් ලෝක වෙළඳපලේ ඉන්ධන බැරලයක මිල අඩු වුණා.

ඇමෙරිකානු වෙළඳපලේ බොරතෙල් බැරල් එකක මිල මේ වෙද්දී ඩොලර් 65.60 ක් දක්වා අඩු වෙලා තියෙනවා. කලින් ඇමෙරිකානු වෙළඳපලේ බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 73 ක්. බ්‍රෙන්ට් තැරව්කාර වෙළඳපලේ බොරතෙල් බැරල් එක්ක මිල 6% කින් අඩු වෙලා තියෙනවා. කලින් ඩොලර් 80 ක් වුන බොර තෙල් බැරල් එකක් දැන් ඩොලර් 76 ක් වෙනවා.

ඔපෙක් සංවිධානය සහ රුසියාවේ බොරතෙල් නිෂ්පාදන සමාගම් ගත්ත තීරණයක් තමයි මේකට හේතු වෙලා තියෙන්නේ.සෞදි අරාබියේ බලශක්ති අමාත්‍යවරයා කිව්වේ ඉදිරියේදී ඔපෙක් සංවිධානයේ රටවල් වැඩි බොරතෙල් බැරල් ප්‍රමාණයක් ලෝක වෙළඳපලට ඉදිරිපත් කරනවා කියලා.


News Articles
Latest Videos
Most Popular Post