News Line| Off Air
Generic placeholder image

May
30

ට්‍රම්ප් සහ කිම් ජෝන් අතර සමුළුව ස්ථිරයි. සහයට දකුණු කොරියාවත් එයි.

455 Views


ට්‍රම්ප් සහ කිම් ජෝන් අතර සමුළුව ස්ථිරයි. සහයට දකුණු කොරියාවත් එයි.

උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර පවත් වන්න තිබ්බ සමුළුව පහුගිය දවස් වල තිබ්බේ වැට උඩ. හැබැයි ආයෙත් සැරයක් ඒ සමුළුව පවත් වන්න රටවල් දෙක තීරණය කරලා තියෙනවා.

මේ ගැන කතා කරන්න උතුරු කොරියාවේ විශේෂ නියෝජිතයෙක් ඇමෙරිකාවට ගියා. අවුරුදු 20 කට පස්සේ තමයි උතුරු කොරියාවේ නියෝජිතයෙක් ඇමෙරිකාවේ සංචාරයක නිරත් වුණේ. කිම් ජෝන් අන්ගේ විශ්වාසවන්තම රාජ්‍ය නිලධාරියෙක් වන යොන්ග් වෝල්. ඩොනල් ට්‍රම්ප් මේ බව twitter පණිවිඩයකින් සනාථ කරලා තිබ්බා.

මේ සාකච්ඡාවෙන් පස්සේ ඩොනල් ට්‍රම්ප් සහ කිම් ජෝන් අන් අතර සමුළුව 12 වෙනිදා පවත් වන්න තීරණය කරලා තියෙනවා. කලින් තීරණය කර ගත්ත විදියට සිංගප්පූරුවේ පවත් වන්න සියලු කටයුතු සූදානම් කරන්න කියලා ධවල මන්දිර නිලධාරීන්ට ට්‍රම්ප් දැනුම් දීලා තියෙනවා.

12 වෙනිදා සිංගප්පූරුවේදී පවත් වෙන සමුළුවට දකුණු කොරියානු ජනාධිපතිවරයාත් සහභගි වෙනවා කියලා දැනුම් දීල තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post