අද ලග්න දෙකකට ලිපි ලේඛණ කටයුතු වලට බාධා එන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
714 Views
අද 2018 මැයි මස 30 වන බදාදා
රාහු කාලය: දිවා කාලය දහවල් 12.07 සිට දහවල් 01.41 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.07 සිට අලුයම 01.34 දක්වා
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: නිරිත
මේෂ ලග්නය

වාග් ශක්තිය ඉතාම උසස් මට්ටමක පවතින දිනයකි. අන් අය අතර තර්කයට යොමුවන දිනයකි. වෘත්තිමය කටයුතු පිළිබඳව ඉතාම උනන්දු සහගත තත්වයක් පෙන්නුම් කරන දිනයකි. නීතිය සම්බන්ධ කටයුතු වලටද වඩාත් සුභ දිනයකි. කලා කටයුතු වලින් වැඩි දියුණුවක් ලැබෙන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. නිසි සැලසුම් සහිතව සම්පාදනය කරගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 07
වෘෂභ ලග්නය

අලුතින් දේවල් සිතන දිනයකි. යහපත් සිතුවිලි පවතින දිනයකි. පෙර පින ඉස්මතු කරගැනීමේ වාසනාව පවතින දිනයකි. නමුත් අන් අය අතර ඕන කල්පනාවෙන් වැඩ කටයුතු කළයුතු දිනයකි. කලා කටයුතු කරන කෙනෙක් නම් වැඩියෙන් බාධා එන දිනයකි. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ව්‍යායාමයක් මගින් මෙන්ම ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 03
මිථුන ලග්නය

තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතුයි. කතාවේදී ප්‍රවේසම් වන්න. ජීවිතයට අමතක නොවන පාඩම් ඇතිවිය හැකි දිනයකි. එබැවින් තරමක් කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. ඉවසිලිවන්තව කටයුතු කරන්න. ආහාර ගැනීමේදී කල්පනාකාරී වන්න. කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග උත්සන්න විය හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 01
කටක ලග්නය

අධ්‍යාපන ශක්තිය වර්ධනය වන දිනයකි. ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වල යම් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. මනස සැහැල්ලුව තබාගන්න. ඔබේ වැඩ කටයුතු සියල්ල වඩාත් ප්‍රවේසමෙන් සම්පාදනය කරගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 09
සිංහ ලග්නය

තරමක පාලන ශක්තිය විදහා දක්වන දිනයකි. අන් අයගෙන්ද උදව් උපකාර ලැබෙන දිනයකි. වෘත්තිමය කටයුතු දියුණුවට පවත්වන දිනයකි. අන් අය අතර මෙන්ම සමාජය තුලද ඔබව ගෞරවයට පාත්‍ර වන දිනයකි. අන් අයගේ උපදෙස් හා ප්‍රශංසා ලැබෙන දිනයකි. සමාජයේ වැඩි ගෞරවයක් අපේක්ෂා කළහැකි දිනයකි. කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව වැඩ කටයුතු කළයුතු දිනයකි.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 06
කන්‍යා ලග්නය

තරමක කාර්යබහුල දිනයකි. අන් අයට අතපසු වුනු වැඩ කටයුතු ඔබට පැවරෙන දිනයකි. ප්‍රවේසමෙන් වැඩ කටයුතු සම්පාදනය කරගන්න. කල්පනාවෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. ඉවසිල්ලෙන් කටයුතු කරන්න. ඔබට බොහෝ ලාභ ලැබිය හැකිය. කල්පනාකාරීව ,මෙන්ම ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 05
තුලා ලග්නය

ගිවිසුම් ගත කටයුතු වලදී මෙන්ම හවුල් ව්‍යාපාර කටයුතු වලදී ප්‍රවේසම් වන්න. වියදම් වැඩිවිය හැකි දිනයකි.නිවසේ අය වෙනුවෙන් වෙහෙසෙන්නට සිදුවන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. අන් අයගෙන් වැඩියෙන් ප්‍රවේසම් වීම වැදගත්. අනවශ්‍ය ගමන් බිමන් නවතා දමන්න. ආත්ම විශ්වාසයෙන් යුතුව, මහන්සියෙන් තම වැඩ කටයුතු කරන්න.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 03
වෘශ්චික ලග්නය

මහන්සියෙන් යුතුව අන් අය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. සිතෙහි සතුට නම් නොමැති විය හැකිය. අන් අයගෙන් අපහාස පවා එන දිනයකි. නමුත් මිතුරන්ගෙන් වැඩි උපකාර ලැබෙන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 09
ධනු ලග්නය

ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලට බාධා එන දිනයකි. මනසට යම් පීඩාකාරී තත්වයන් ඇතිවන දිනයකි. මිතුරන්ගෙන් පවා බාධා ඇතිවන දිනයකි. ඔබේ සිත ශක්තිමත් කරගතයුතු දිනයකි. ඉවසිල්ලෙන් යුතුව ඔබ කටයුතු කළයුතු දිනයකි. දිනය තුල නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. අන් අයව විශ්වාස කරනවට වඩා තම ගැන විශ්වාසය තබාගන්න. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07
මකර ලග්නය

ඔබේ බුද්ධිය වර්ධනය වන දිනයකි. අවට ගැන ඔබ වඩාත් සැළකිලිමත් වන ලෝකය ගැන වැඩියෙන් අවදානය දෙන දිනයකි. ඔබේ අධ්‍යාපනික ශක්තිය වැඩි දියුණු වන දිනයකි. ජීවිතයට නව සිතුවිලි ඇතිකරගන්නා දිනයකි. ඔබේ පෞරුෂය නිසාම අන් අය අතර බෙහෙවින් කැපී පෙනෙන දිනයකි. නමුත් ඉවසිල්ලෙන් කටයුතු කිරීමට වග බලාගන්න. කල්පනාවෙන් ගත කළයුතු දිනයකි.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 03
කුම්භ ලග්නය

යාන වාහන මෙන්ම දේපළ කටයුතු ගැන යම් යම් ප්‍රශ්න ඇතිවන දිනයකි. එන අය අතර ඔබ ගැන යහපත් සිතුවිලි ව්තිවන දිනයකි. ගමන් බිමන් වැඩි වන දිනයකි. හදිසි අනතුරු වලින් නම් ප්‍රවේසම් විය යුතුයි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: දීප්තිමත් නිල් පැහැය ජය අංකය: 07
මීන ලග්නය

පෙර පින ඉස්මතු වන දිනයකි. ඔබේ මිතුරන්ගෙන් වැඩි උදව් උපකාර ලබාගත හැකි දිනයකි. ජීවිතයට නව බලාපොරොත්තු ඇතිවන දිනයකි. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලින් වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. නිසි සැලසුම් ක්‍රියාත්මක කරන්න. ඔබ ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 03
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන: 076 67 65 353