ලංකාවේ තාරුණ්‍යයේ හදවත් දිනා ගත්ත සංගීත කණ්ඩායමක් තමයි “සෙන්ටිග්‍රේට්” කියන්නේ. සෙන්ටිග්‍රේට් කණ්ඩායමේ නායක තුසිත් නිරෝෂන් ගිය අවුරුද්දේ විවාහ වුණා. තුසිත්ගේ විවාහය දවසේ ඔහුව පුදුම කර වන්න ආදරණීය බිරිඳම ගීතයක් ගායනා කරා.
මේ ගීතයට Music Video එකකුත් කරලා තිබ්බා. ගීතය නිර්ණය කරලා තිබ්බේ තුසිත්ගේ Studio එකේමයි. හැබැයි තුසිත් නම් මේ මුකුත්ම දැනගෙන හිටියේ නෑ. විවාහය දවසේ තුසිත්ව පුදුම කරවපු ඒ ගීතය ඔවුන් දෙදෙනාගේ පළවෙනි විවාහ සංවත්සරය දවසේ එළි දැක්වුවා.
මේ ගීතය රචනා කරලා තියෙන්නේ ෂෙහාන් ගලහිටියාව. පවන් ද සිල්වා තමයි තනුව නිර්මාණය කරලා තියෙන්නේ. ගීතය ගායනා කරන්නේ තුසිත්ගේ ආදරණීය බිරිඳ අනුරාධා දික්වත්ත.
https://youtu.be/c-M6_YMlo8U