ඔබට මතක ඇති පහුගිය අපි වාර්තා කරා ටෙස්ට් තරඟ වල කාසියේ වාසිය උරගා බලන එක නවත්වන්න යනවා කියලා. ඒ වෙනුවට සත්කාරක රටට මුලින්ම පන්දුවට පහර දෙනවද නැද්ද කියලා තීරණය කරන්න දෙන්නයි යෝජනා වෙලා තිබුණේ.
ඒ ගැන අවසන් තීරණයක් ගන්න ඊයේ රැස් වුණ ICC ක්‍රිකට් කමිටුව විවාද කරා. කොහොම වුනත් අවසානයේ තීරණය වුණේ කාසියේ වාසිය උරගා බැලීම දිගටම පවත්වා ගන්නයි.
ICC ක්‍රිකට් සභාපතිත්වය දරන්නේ ඉන්දියාවේ ක්‍රීඩක අනිල් කුම්බ්ලේ. හිටපු ක්‍රීඩකයන් නියෝජනය කරමින් මහේල ජයවර්ධන සහභාගී වුණා. ඒ වගේම තරඟ තීරකවරුන් නියෝජනය කරමින් රංජන් =මඩුගල්ලේ සහභාගී වුණා.