ලබන 12 වෙනිදා පවත් වන්න නියමිත ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර ඓතිහාසික හමුවට රටවල් දෙකම ලහි ලහියේ සූදානම් වෙනවා. මේ හමුව මුළු ලෝකයම වෙනස් දිශාවකට ගෙනියන්න හේතු වෙයි කියලා දේශපාලන විශ්ලේෂකයින් සඳහන් කරනවා.
ඓතිහාසික හමුවට දවස් කිහිපයක් තියෙද්දී උතුරු කොරියාවේ ජෙනරාල් කිම් ජොං චොල් අද ඇමෙරිකාවට ආවා. උතුරු කොරියානු නායක කිම් ජෝන් අන්ගේ දකුණු අත විදියටයි ඔහු සැලකෙන්නේ.
ජෙනරාල් කිම් ජොං චොල් අද රාත්‍රියේ ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් මයික් පොම්පෝ හමු වෙන්න නියමිතයි.