අභිමානවත් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රභල මංසලකුණක් තමයි රාවණා යුගය. රාවණා යුගයේ රහස් සොයා ගිය වැඩසටහනක් තමයි සියත FM ඔස්සේ විකාශනය වුන “මහා රාවණා” වැඩසටහන. විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ “මහා රාවණා” වැඩසටහන අවසන් වුණා.
ඒ වැඩසටහන නැවතත් පටන් ගන්න කියලා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනපතා සියත FM එක ගලාගෙන ආවා. ඔවුන්ගේ ඒ ඉල්ලීම අද ඉටු කරන්න සියත FM සූදානමින් ඉන්නවා. මහා රාවණා දෙවෙනි කොටස “රාක්ෂණය” අද සිට සියත FM ඔස්සේ විකාශය වෙනවා.
වෙනස්ම වු ආකාරයකින් “රාක්ෂණය” වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කරන්න සූදානම්. අද රාත්‍රී 7.01 ට “රාක්ෂණය” පළවෙනි කොටස විකාශය වෙනවා. රාවණා ඉතිහාසය සොයා යන ඔබට “රාක්ෂණය” වැඩසටහන සමඟ එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා.
ඒ වගේම ඔබට මගහැරෙන “රාක්ෂණය” වැඩසටහනේ කොටස් බලන්න සියත FM Facebook පිටුවට Like කරලා තියන්න. සියත FM Youtube ගිණුම Subscribe කරලා තියා ගන්න.