News Line| Off Air
Generic placeholder image

May
31

“තරඟ පාවාදෙන අය අත්අඩංගුවට ගන්නවත් ලංකාවේ නීතියට බලයක් නෑ.” – නීති විශාරදයෝ හෙළිකරයි.

435 Views


“තරඟ පාවාදෙන අය අත්අඩංගුවට ගන්නවත් ලංකාවේ නීතියට බලයක් නෑ.” – නීති විශාරදයෝ හෙළිකරයි.

Al Jazeera රූපවාහිනිය විකාශය කළ තරඟ පාවාදීම ගැන වාර්තා වැඩසටහනෙන් ලංකාවේ කිහිප දෙනෙක්ටත් චෝදනා එල්ල වුණා. මේ වෙද්දී ICC යත් පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරේ පරීක්ෂණ වලින් වැරදිකරුවන් වෙන අයට දැඩි දඬුවම් දෙනවා කියලා. හැබැයි ලංකාවේ නීති විශාරදයින් කියන්නේ තරඟ පාවා දුන්න අයට දඬුවම් කරන්න ලංකාවේ නීතියේ බලයක් නෑ කියලා.

“කොහොම පරීක්ෂණ පැවැත්වුවත් බුකීකාරයෝ බේරෙනවා. මොකද ඒ අයට එරෙහිව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ. ශ්‍රී ලංකා නීතිය යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට, ප්‍රශ්න කිරීමට හෝ අඩුම තරමේ පාස්පෝට් තහනම් කිරීම හෝ නඩු පැවරීමට බලයක් නැහැ,” කියලා නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා BBC යට ප්‍රකාශ කරලා තිබ්බා.

කොහොම වුනත් ගිය ආණ්ඩුව කාලයේ මුදලට තරග පාවාදීම වැළක්වීමේ පනතක් සම්පාදනය කරන්න කමිටුවක් පත් කරලා තිබ්බා. ක්‍රීඩා විශාරදයන්, නීතිඥවරුන්, ජාත්‍යන්තර පොලිසියේ සාමාජිකයෙකු, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සාමාජිකයෙක් ඒ කමිටුවට ඇතුලත් වෙලා හිටියා.

තරග පාවාදීම් සම්බන්ධයෙන් කමිටුව සකසන ලද යෝජනා මාලාව ක්‍රීඩා අමාත්‍යංශයට භාර දීමට කටයුතු කරලා තිබ්බා. හැබැයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ඒ යෝජනා යට ගහලා තියෙනවා කියලයි කමිටු සාමාජිකයින් චෝදනා කරන්නේ.

“2015 සිට 2018 දක්වා අවුරුදු තුනක් ගිහින් කිසි දෙයක් වෙලා නැහැ. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මාස තුනක් ඇතුළත නීතිගත කරන්න තිබ්බා. අපේ වගකීම ඉෂ්ඨ කළත් යම් කිසි අදෘශ්‍යමාන හස්තයක් හෝ පාලන අධිකාරියේ දුර්වලතාවක්, නොහැකියාව හෝ කුමන හෝ හේතුවක් මත මේක යටගහලා තියෙන්නේ,” කියලා නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද චෝදනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post