News Line| Off Air
Generic placeholder image

May
31

අද රෑ 12 ට තිලංගගේ ක්‍රිකට් අවසන්. ක්‍රීඩා ඇමතිගෙන් අතුරු පාලක කමිටුවක්. ?

3149 Views


අද රෑ 12 ට තිලංගගේ ක්‍රිකට් අවසන්. ක්‍රීඩා ඇමතිගෙන් අතුරු පාලක කමිටුවක්. ?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාගේ ධූර කාලය අද රෑ 12 න් අවසන් වෙනවා. හැබැයි අධිකරණ නියෝගයක් නිසා අද පවත් වන්න තිබ්බ ක්‍රිකට් නිලවරණය කල් ගියා.

ඒ නිසා ඉදිරි දින කිහිපයේ ක්‍රිකට් ආයතනය පාලනය කරන්න අතුරු පාලක කමිටුවක් පත් කරන්න යනවා කියලා අපිට ආරංචි වුණා. අද හවස ක්‍රීඩා අමාත්‍යංශයේ තියෙන මාධ්‍ය හමුවකදී ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතා අලුත් අතුරු පාලක කමිටුව නම් කරන්න නියමිතයි.

අපිට ආරංචි වුන විදියට නම් මේ ක්‍රිකට් අතුරු පාලක කමිටුවට ජයන්ත ධර්මදාස මහතාගේ නමත් ඇතුලත් වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post