News Line| Off Air
Generic placeholder image

May
31

“ශ්‍රී ලංකා ක්‍රිකට් සංගාට හරි සිදත්ට හරි බාර දෙන්න”- එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය යෝජනා කරයි.

3619 Views


“ශ්‍රී ලංකා ක්‍රිකට් සංගාට හරි සිදත්ට හරි බාර දෙන්න”- එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය යෝජනා කරයි.

අද උදේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණා. මේ රැස්වීමේදී එජාපයේ ඉදිරි ගමන ගැන වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැනත් කතාබහ කරලා තිබ්බා. රංජන් රාමනායක සහ නවීන් දිසානායක යන මහත්වරු මේ රැස්වීමේදී ක්‍රිකට් ගැන අදහස් දක්වලා තිබ්බා.

හිටපු ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ වුණා කියලයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය වුණේ. ක්‍රිකට් පරිපාලනයට ව්‍යාපාරිකයන් සහ බුකිකරුවන් නැතුව ක්‍රිකට් වලට ඇත්තටම ආදරය කරන පුද්ගලයින් පත් කරන්න ඕන කියලා රැස්වීමේදී යෝජනා වුණා.

කුමාර් සංගක්කාර, සිදත් වෙත්තමුණි වගේ ක්‍රිකට් වලට ආදරය කරන අය ඒකට ගොඩක් සුදුසුයි කියලා යෝජනා කරා. ක්‍රිකට් නිලවරණයකින් හරි අතුරු පාලක කමිටුවකින් හරි ඔවුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බාර දෙන්න ඕන කියලයි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මතය වුණේ.

අගමැතිතුමා කිව්වේ ලබන සඳුදා තියෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ යෝජනවා කරන්න කියලා. එතනින් කැබිනට් මණ්ඩලයට මේ යෝජනාව ඉදිරිපත් කරන්නම් කියලා අගමැතිතුමා සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post